මව් පදවියට සැරසෙන නිලි සෙව්වන්දි නයනතාරාට ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා ලෝකෙටම කිවුවේ මෙහෙමයි

අපේ කළා ක්ෂේත්‍රය තුල නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙව්වන්දි නයනතාරා කියලා කියන්නේ. ඉතින් ටික් ටෝක් මාධ්‍ය හරහා අහම්බෙන් රංගනයට එකතු වෙන ඇය මුලින්ම ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ තෝඩු කියන ටෙලිනාට්‍ය හරහායි. ඉතින් ඊට පස්සේ කලබලයක් නැතිව රංගනයෙන් සාර්ථක ගමනක් යන්න උත්සහ කරන ඇය බොහෝ දෙනාගේ ආදරය දිනූ කවුරුත් ආදරය කරන රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි.
ඉතින් ඒ වගේම ඇයගේ දක්ෂතාවය නිසාම ඇයට වෙළඳ දැන්වීම් වලට මෙන්ම මියුසික් වීඩියෝ වලටත් සහභාගි වෙන්නට අවස්තාව උදා වුණා. ඉතින් ඒ අතරින් පහුගිය දවස්වල අපේ රටේ ඉතාම ප්‍රසිද්ධ වුන යන්න යනවද කියන ගීතයට රංගනයෙන් දායක වෙලා ඇය ඒ තුලිනුත් බොහෝ දෙනෙක් අතරේ කතා බහට ලක්වුණා. ඉතින් ඇත්තටම ඇයට ටික් ටෝක් මාධ්‍ය නිසා හොඳ ප්‍රසිද්දියක් වගේම ඇයගේ දක්ෂතා තව තවත් ඔපනන්වා ගනිමින් සාර්ථක කළා ගමනක් යන්න වාසනාව හිමිවෙලා තියනවා.

ඉතින් ඒ වගේම මේ වනවිට කවුරුත් දන්නා ජනප්‍රිය සුරූපී නිලි සෙව්වන්දි නයනතාරා කෝටිපති මැණික් ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙලා ඉන්නවා බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැති තරම්. ඉතින් මේ ආදරණීය කැදැල්ලෙන් අහන්නට ලැබුණු සතුටුදායක පුවතක් ගැන අපි පහුගිය දවසක තොරතුරු ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති. ඉතින් ඒ තමයි සුරූපී නිලි සෙව්වන්දි නයනතාරා මේ වනවිට උතුම් මව් පදවියට සුදානම් වන පුවත.
ඉතින් ඒ වගේම හැමෝම දැනගන්න ආසාවෙන් බලාගෙන හිටපු ඇයට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියන වග ඇය පහුගිය දවසක අපූරු සාදයක් පවත්වලා හැමෝටම හෙළිකරලා තියනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ විදිහට ඇයගේ කුසේ ඉන්නේ දුවක් කියලා තමයි ඇය එහිදී පවසලා තිබුනේ. ඉතින් මේ විදිහට උතුම් මව් පදවියට සැරසෙන ජනප්‍රිය සුරූපී නිලි සෙව්වන්දි නයනතාරාට අපිත් හදවතින්ම සුබ පතන ගමන් ඇයටත් ඇයගේ කුසේ ඉන්න පුංචි දරු පැටියටත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.

The post මව් පදවියට සැරසෙන නිලි සෙව්වන්දි නයනතාරාට ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා ලෝකෙටම කිවුවේ මෙහෙමයි appeared first on FoxMedia.