Uncategorized

ප්‍රබල චරිත කිහිපයක් ඉදිරි සති දෙක තුළ දිවයිනට

ඉදිරි සති දෙක තුළ විදෙස් නියෝජිතයින් කිහිපදෙනෙකු දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව එංගලන්තයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, දකුණු කොරියාවේ කථානායකවරයා, තුර්කියේ විදේශ අමාත්‍යවරයා මෙලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතවීමට නියමිතය.

AV Rase

එංගලන්තයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා හෙට (18) දිනයේදීත්, දකුණු කොරියාවේ කථානායකවරයා එළඹෙන 20 වැනිදාත් දිවයිනට පැමිණෙනු ඇත.

මේ අතර සිව්දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මාලදිවයින් රජයේ කථානායක මොහොමඩ් නෂීඩ් මහතා අද (17) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුණගැසීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යු.එල්. 504 දරණ ගුවන් යානයෙන් ඊයේ (16) දහවල් ඔහු දිවයිනට පැමිණ තිබුණි.

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනයකට අනුව මොහොමඩ් නෂීඩ් මහතා මෙරට සංචාරයක නිරත වන අතර මෙම සංචාරය තුළ ඔහු රජයේ ඉහළ පෙළේ නියෝජිතයින් සමග සාකච්ඡා කිරීමට නියමිතව ඇත.

Back to top button