මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලබා ගැනීමට සම්බන්ධ විය යුතු දුරකථන අංක

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලය මහජන සේවාවන් සඳහා හෙට (24) සිට යළි විවෘත කිරීමට කටයුතු යොදා තිබේ.
ඒ අනුව සේවාලාභීන් පත්ව ඇති අපහසුතාවයන් අවම කිරීම සඳහා සීමිත කාර්ය මණ්ඩලයක් සහිතව කාර්යාල කටයුතු ආරම්භ කිරීමට නියමිත බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ප්‍රධාන කාර්යාලය විවෘත කළ ද එමඟින් සේවා සැපයීම කලින් දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීම මත පමණක් සිදුකෙරේ.
ඒ අනුව අද (23) සිට සතියේ දිනවල පෙ.ව 9.00 සිට ප.ව 4.00 දක්වා පහත සඳහන් දුරකථන අංක අමතා කල්වේලා ඇතිව දිනයක් හා වේලාවක් වෙන්කර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මීට අමතරව යාපනය, අනුරාධපුරය, කුරුණෑගල, ගම්පහ හා හම්බන්තොට දිස්ත්‍රික් කාර්යාල මඟින් වාහන පැවරීමට අදාළ සේවාවන් තවදුරටත් පවත්වා ගෙන යන බැවින් ආසන්න කාර්යාලයක් මඟින් ජනතාවට සේවා ලබා ගැනීමේ පහසුකම් පවතී.
විමසීම් කළ යුතු දුරකථන අංක පහතින් දැක්වේ.
