ගොසිප් පුවත්

මම පුංචි කාලේදී විලාසිතා කලේ මගේ ලොකු නැන්දි මාලනී විලාසිතා කරපු විදිහට-සෙනාලි ෆොන්සේකා

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියලා කියන්නේ. ඉතින් ඇයගේ නන්දා වන නිළි රැජින මාලිනී ෆොන්සේකා මහත්මිය මෙන්ම උපන්තින්ම රංගන හැකියාව හිමිකරගත් ඇය පහුගිය කාලයේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වුනු නාඩගම්කරයෝ ටෙලිනාට්‍යයේ පාටලීගේ චරිතය හරහා බොහෝ ප්‍රේක්ෂක ආකර්ශනයක් වගේම ආදරයක් දිනා ගත්තා කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ විලාසිතා ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් සාමාන්‍යයෙන් ඇය විලාසිතාවක් කිරීමේදී සැලකිලිමත් වෙන ප්‍රධානම දේ තමයිලු පහසුව. ඒ වගේම මොනතරම් වටිනා විලාසිතාවක් වුණත් ඒක ඇඳන් ඉන්නේ අපහසුවෙන් නම් එවැනි විලාසිතා වලින් වැඩක් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ නිසා එවැනි විලාසිතා නම් ඇය කීයටවත් තෝරා ගන්නේ නැහැලු. ඒ වගේම අනිත් දේ තමයිලු ඇය කුමන විලාසිතාවක් කරන්න ගියත් ඇයගේ වයස හා ඇඟේ හැඩය ගැන ගොඩක් සැලකිලිමත් වෙනවාලු. ඉතින් බොහෝ වෙලාවට කෙනෙක් සිනහවට ලක් වෙන්නේ ඇඟේ හැඩය ගැන සැලකිල්ලක් නොදක්වා විලාසිතා කරන්න යාම නිසා කියලත් ඇය කියනවා. ඒ වෙගේම ඇය පුංචි කාලේ ඉඳලම ඇයට ගැළපෙන විලාසිතා බොහෝ විට තෝරා ගත්තේ අම්ගෙනුයි, තාත්තගේනුයි අහලා කියලත් ඇය කියනවා. ඉතින් අදටත් එයාලගේ තේරීම් වලට ඇය ගරු කරනවාලු.

AV Rase

ඉතින් ඒ වගේම ඇය ඔසරිය ඇන්දම කාගේත් ආදරණීය අගය කිරීමකට ලක් වෙනවාලු. ඉතින් ඒ නිසාම ඇයත් ආසම ඇඳුම ඔසරියලු. ඊට අමතරව සාරිය, දිග ගවුමත් ඇයට ගොඩක් ගැලපෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම රඟපෑම වෙනුවෙනුත් ඇය අඳින ඇඳුම් වලටත් ලොකු ඉල්ලුම් ලැබිලා තියෙනවා කියලත් ඇය කියනවා. විශේෂයෙන්ම විජයබා කොල්ලය, සිරිපැරකුම් චිත්‍රපටයෙ ඇය ඇදපු ඇඳුම් ආයිත්තම් වලට වගේම නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ ඇය ඇඳපු චීත්ත ගවුම් වලටත් ලොකු ඉල්ලුමක් ලැබිලා තිබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම වර්තමානයේ තරුණ යුවතියන් අතර චීත්ත ගවුම් වලට ලොකු කැමැත්තක් නාඩගංකාරයෝ හරහා ඇති වෙලා තියෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම කොටට ඇඳුමක් ඇන්ඳ පලියට, ශරීරය පේන්න ඇඳුමක් ඇන්ද පලියට අපිට ඇයව නරක කෙනෙක් කියලා හංවඩු ගහන්න බැහැ කියලයි ඇය කියන්නේ. ඉතින් ඇය හිතන්නේ කෙනෙක්ව නිවැරදිව මැනිය හැක්කේ විලාසිතාවලින් නොවෙයි ගතිගුණ වලින් කියලයි. ඉතින් ඒ වගේම තමන්ගේ හිතේ හැටියට ලස්සනට සැරසිලා කන්නාඩියක් ඉස්සරහට ගියාම ඉස්සරවෙලාම හිතට ලොකු සතුටක් වගේම තමන්ට තමන් ගැන ලොකු ආදරයකුත් දැනෙනවා කියලත් ඇය කියනවා. ඊට අමතරව තමන්ට ආත්ම ශක්තියකුත්, ආත්ම විශ්වාසය කුත් හිතට දැනෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇය පුංචි කාලයේදී ඇයගේ ලොකු නැන්දි සිනමා නිලි මාලිනී ෆොන්සේකා විලාසිතා කරන විදිහටලු ඇයත් විලා සිතා කලේ. ඉතින් ඇය අඳින ලස්සන ලස්සන ඇඳුම්, සාරි, ජුවලර්, සපත්තු ඇඳ පැලඳගෙන උස අඩි සපත්තු දාගෙන ඇයත් නිතරම හැඩ බලනවාලු. ඊට අමතරව ඉස්සර ඇයගේ අම්මා රූපලාවන්‍යාගරයක් කරපු කෙනෙක් නිසා නිතරම වගේ මනාළියන් හැඩගැන්වුණා ඇය දැකලා තියනවාලු. ඉතින් ඇයත් පුංචි කාලයේදී ඒ බඩු අරගෙන මේකප් කරගෙන පුංචි වේල් කෑලි ඔළුවේ දාගෙන උස අඩි සපත්තු දාලා කණ්ණාඩිය ඉස්සරහට වෙලා හැඩ බල බල ඉන්න විදිහ අදටත් මතකයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post මම පුංචි කාලේදී විලාසිතා කලේ මගේ ලොකු නැන්දි මාලනී විලාසිතා කරපු විදිහට-සෙනාලි ෆොන්සේකා appeared first on FoxMedia.

Back to top button