LPL පුවත්

ගෝල් ගැලැඩියේටර්ස් අවසන් පූර්ව වටයට

ලංකා ප්‍රිමියර් ලීග් පන්දු වාර 20 තරඟාවලියට අදාලව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරඟයේ ජය ගෝල් ගැලැඩියේටර්ස්ට හිමි විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කැන්ඩි ටස්කර්ස් කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කිරගැනීමට සමත් වූයේ ලකුණු 126ක් පමණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායම එක කඩුල්ලක් පමණක් දැවී තරඟය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ඒ අනුව ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට කඩුලු 9ක ජයක් හිමි විය.

Back to top button