දේශපාලන පුවත්

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනය අද (19) වන අතර පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත ය.

ලබන 21 වනදා දක්වා අයවැය දෙවන වර කියවිමේ විවාදය පැවැත්වෙන අතර එදින පස්වරු 05.00 ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.

AV Rase

අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23වන දින සිට දෙසැම්බර් 10 වනදා දක්වා පැවැත්වෙන අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇත.

2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button