දේශීය පුවත්

පාසල් ප්‍රවාහනය ගැන පොලීසියේ විශේෂ අවධානයක්

හෙටින් ආරම්භ වන තෙවන පාසල් වාරය සඳහා පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා යොදා ගන්නා ප්‍රවාහන මාධ්‍යයන් නියාමනය කිරීමට පොලීසිය කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

“දෙරණ අරුණ“ වැඩසටහනට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.

“පාසල් විවෘත කිරීමේ කාලසීමාව ඒ වගේම පන්ති කාමරවල තියෙන තත්ත්වය ගැන සෞඛ්‍ය අංශ සමග සෞඛ්‍ය බලධාරීන් අදාළ කටයුතු සිදුකරමින් පවතිනවා. අපිත් අවශ්‍ය සහය ලබා දෙනවා. විශේෂයෙන්ම අපේ කාර්යභාරය ලෙස අපි හඳුනාගෙන තියෙන්නේ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන ප්‍රවාහන මාධ්‍යයන්, පාසල් බස්රථ වෙන්න පුළුවන්, එහෙම නැතිනම් පාසල් වෑන් රථ හෝ පුද්ගලික වාහන නැතිනම් ත්‍රීරෝද රථ ගැන විශේෂ අවදානයක් යොමු කරනවා. දඩ ගහන්න, උසාවි දාන්න අත්අඩංගුවට ගන්න නෙමෙයි. නමුත් පාසල්වලට ළමුන් ප්‍රවාහනයේ දී ගතයුතු නිසි ක්‍රියාමාර්ග ගැන සෞඛ්‍ය මාර්ගෝපදේශ ගණනාවක් තියෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයත් මේකට උපදෙස් ලබා දුන්නා ඒවා අනුගමනය කරන්න ඕනේ. ඉස්සර නම් ත්‍රීරෝද රථවල පාසල් දරුවන් දෙතුන් දෙනෙක් ගියත් මෝටර් රථ පනතට පටහැනි වුණත් අපි ඒ ගැන කටයුතු කළේ නෑ. හෙට ඉදලා මේ ගැන නම් අපි වැඩිපුර අවදානය යොමු කරනවා. වාහනයක යම් ආකාරයක දුරස්ථභාවයක් තිබිය යුතුයි. ඒ වගේ අයට අවවාද කරලා උපදෙස් දෙන්න බලාපොරොත්තු වෙනවා. “

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button