දේශීය පුවත්

පාසල් ළමුන් ප්‍රවාහන රථ සඳහා සෞඛ්‍ය මාර්ගෝපදේශ ඉල්ලයි

අවදානම් කලාප හැර සියලූම දිස්ත්‍රික්කවල පාසල් ළමුන් ප්‍රවාහන කටයුතු සඳුදා සිට ආරම්භ කිරීමට නියමිත බව සමස්ත ලංකා අන්තර් දිස්ත්‍රික් පාසල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය පවසයි.

නමුත් එම කර්තවය විශාල අවදානමක් සහිත බව ද පැවසු එම සංගමයේ සභාපති හරිස්චන්ද්‍ර පද්මසිරි මහතා, රජය නිර්දේශ කර ඇති බැවින් ප්‍රවාහන කටයුතු ඇරඹීමට සුදානම් බව ද කියා සිටියේය.

AV Rase

මේ පිළිබඳ වැඩිදුටත් අදහස් දැක්වු ඒ මහතා,

“අවදානම් කලාප හැර සියලූම දිස්ත්‍රික්කවල අපේ සාමාජික මහත්වරු, අපේ වෘත්තිකයන්ට දැනුම් දීලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් තමන්ගේ සේවාව ලබා දෙන ලෙසට. අදාළ ප්‍රදේශවල රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම පිළිබඳව නිර්දේශ ලබා දෙන්න. ඒ මාර්ගෝපදේශ ලැබුණු පසු අපි ඒ සේවාව ලබාදෙන්න උත්සහ කරනවා. රජය ප්‍රකාශ කරලා තියෙන ක්‍රමවේදය අනුව දරුවන් සියයට 50ක් ගෙන යෑමට නිර්දේශ කරලා තියෙනවා. එතැනදී අපි දැඩිව අපහසුතාවයට පත්වෙනවා ප්‍රවාහන වියදම් සම්බන්ධයෙන්. අපිට සිද්ධ වෙනවා අඬක් ගෙනිච්චත් සියලුම දරුවන්ගෙන් මාසික ගාස්තු අය කර ගැනීමට”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button