සුදුළුෑණු වංචාවට සතොසේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙක් අත්අඩංගුවට

ලංකා සතොස සතුව තිබූ සුදුළුෑණු කිලෝග්රූම් 56,000 ක් ව්‍යාපාරිකයෙකුට අලෙවි කිරීම සම්බන්ධයෙන් ලංකා සතොසේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයෙකු පෑලියගොඩ පොලීසිය විසින් අද (16) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ලංකා සතොස මුදල් පිළිබඳ නියෝජ්‍ය සමාන්‍යාධිකාරි සුසිරි පෙරේරා මහතා වන බවයි වාර්තා වන්නේ.

ඔහුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා.

Exit mobile version