අවංක ආදරේ නිසා ගොඩක් කොල්ලෝ මෝඩයෝ වෙනවා, ඉතින් මමත් එක මෝඩයෙක්-සංජය මුරමුදලි

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන බෝනිකර තරු ටෙලිනාට්‍යයේ අභීතගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සංජය මුරමුදලි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම කපටිකමින් බොරුවෙන් වංචාවෙන් ජීවිතය ගතකරන හැමෝටම වගේ හැමතැනකින්ම, හැමෝගෙන්ම බැණුම් අහන්න වෙන එක සාමාන්‍ය දෙයක් වුණාට අවංකව ජීවත්වෙන කෙනෙකුට එහෙම වෙන ඒක ඇත්තටම ලොකු අසාධාරණයක්. ඒත් ඒ ගැන හිතල හිත රිද්දගන්නෙ නැතුව අවංක කමේ උපරිමයට ගිය කෙනෙක් තමයි මෙම ටෙලිනාට්‍යයේ අභීත කියන්නෙ. ඉතින් මේ දවස්වල බොහෝ දෙනෙක් අතරේ කතාබහට ලක්වෙලා ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා මෙම චරිතය ගැන වගේම ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඔහු කවදත් සත්‍යයට ගරුකරල ජීවත්වෙන අහිංසකයෙක් නිසා මේ දවස්වලත් ඒ විදිහටම ඉන්නවා කියලයි ඔහු කියන්නේ. ඒ වගේම බොනිකර තරු නාට්‍යයේ අභීත තරම් සැබෑ ජීවිතේ සංජය මුරමුදලි කොහොමටවත් ඕනවට වඩා අවංක චරිතයක් නෙමෙයි කියලත් ඔහු කියනවා.

ඉතින් ඒ වගේම බොනිකර තරු කියන්නෙ සම්පූර්ණයෙන්ම මේ සමාජයේ ඉන්න මිනිස්සු එදිනෙදා ජීවත්වෙන්න කරන බොරුව විදහා දැක්වෙන අපූරු නිර්මාණයක් කියලයි ඔහු කියන්නේ. ඒත් එක්කම මේ නාට්‍යය පුරා විහිදී යන ඒ බොරුකාර චරිත අතරෙ ඉන්නෙ එකම එක කොල්ලා තමයිලු අභීත. ඉතින් අභීත කියන්නෙ හරිම මෝඩයෙක් කියලත් ඔහු කියනවා. ඒ වගේම ආදරය අවංක කම වගේම වංචාවට තියෙන අකමැත්ත නිසාම ප්‍රශ්න ඇතිකරගන්න කෙනෙක්ලු ඔහු.
ඉතින් ඒ වගේම බොනිකර තරු එකේ අවංකයා මෝඩයා කියල තමයි හැමෝම ඔහුව හඳුන්වන්නෙ. ඒ කියන්නෙ අවංක ආදරේ නිසා කොල්ලො මෝඩයෝ වෙනවාලු. හැබැයි සැබෑ ජීවිතේදී ඔහු එහෙම දේවල් වලට අහුවෙලා නැහැලු. ඉතින් නාට්‍යයක චරිතය අනුව මෙහෙම හැසිරුණාට ඔහුට සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසා හැරෙනකොට දන්නවලු මොකාටද එන්නෙ කියල. ඉතින් ඒ වගේම ඔහු තවම පෙම්වතෙක් නෙවෙයිලු. ඉතින් ඔහුට ආදරේ කරන්න කෙනෙක් නැතුව ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post අවංක ආදරේ නිසා ගොඩක් කොල්ලෝ මෝඩයෝ වෙනවා, ඉතින් මමත් එක මෝඩයෙක්-සංජය මුරමුදලි appeared first on FoxMedia.