ආතරයිටීස්, කොන්ද කැක්කුම, හන්දිපත් රුදාව සදහටම නැති කරන විශ්ව කර්ම වෙද මහත්තයා

ගැට්ටුවානේ වෙද මහතා පිළිබඳ අප ඉකුත් සතියේදී ලියු ලිපිය කියවා බොහෝ විද්වතුන්ගේ නොයෙක් හොඳ ප්‍රතිචාර හා චෝදනා ද ලැබීමි. ඒ අතර කලාකරුවන් ද වීය. සමහරුන් මේ ගැන එළිපිට කියන්නට කිසිදු මැළිකමක් නොදක්වන අතර ඇතැමෙක් වසන්ත උදයජීව ඉසිවර වෙද මහතාගේ හැකියාව විස්මිත වුවද අසනීප යනු රහස් දේ යැයි කීහ. කෙසේ වෙතත් මල්වත්තේ පොඩි හාමුදුරුවන් ලෙසින් අප හැඳින්වූ කටුගස්තොට ශ්‍රී රාහුල විද්‍යාලයයේ ආචාර්ය දොරගමුවේ සද්ධාතිස්ස හිමියන් මේ වෙද මහතා ගැන සඳහන් කළ සියල්ල සත්‍යය. යුක්ති යුක්තය. අතිශයෝක්තියෙන් තොරය. ඒ හිමියන් අප වෙත ලියා එවූ ලිපියේ ඉතිරිය ද මම අද පළ කරමි.

චෝදනා වූයේ වෙද මහතාගේ දුරකථන අංක හෝ එම වෙද අරණට යන පිළිවෙළ නිවැරැදිව දන්වා නැතැයි කියමිනි. එහෙත් බුද්ධිමත් ඇත්තෝ ඊට හේතු දනිති. සිළුමිණ කතු මඬුල්ලේ දුරකථන තොරතෝංචියක් නැතිව පසුගිය දවස්වල නද දුන්නේ ඒ දුරකථන අංක විමසමිනි. ඔබට ද එසේ කටයුතු කළ හැකිය.

Sandi suwa Weda Arana

මහනුවර මල්වතු මහා විහාරයේ සද්ධාතිස්ස හිමියෝ මෙසේ ද කියති.

“මගේ අසනීපය විස්මිත ලෙස සුව වුණාම ඒක පන්සල් අතරත් ආන්දෝලනයක් ඇතිකළා. දෙගල්දොරුවේ පන්සලේ නායක හිමි වන අමුණුගම ධම්මරතන හිමිගේ මෑණියන් ඇවිදින්ටවත් බැරිව හිටියේ. දැන් අවුරුදු 75ත් පැනලා. දණිස් අමාරුව. උන්දෑ එක්ක ගිහින් සති තුනක් බෙහෙත් තුනක් බැඳ බෙහෙත් තෙල් ගල්වා තැවීම් ආදිය සිදුකළා. දැන් හොඳට ඇවිදින්ට පටන්ගත්තා. තවද මට ලැබුණු ප්‍රතිකාරවල ප්‍රතිඵල දුටු නුවර, කටුගස්තොට, තෙල්දෙණිය, දෙගල්දොරුව, සිරිමල්වත්ත ආදි අවට ගම්වල අඳුනන අය පමණක් නොව ආරංචියෙන් කරුණු දැනගත් රෝගීන් අතර බොහෝ දෙනෙක් එහි ගොස් තම රෝග නිට්ටාවට සුව කැර ගත්තා.” තවම ප්‍රතිකාර කරමින් තරමක සුවය ලබන අය ද සිටී.

“මේ යන එන අතරේ එතුමන්ගේ මේසය මත තිබී පාරම්පරික බෙහෙත් වට්ටෝරු පොත් කීපයක් ද මට කියවන්නට ලැබුණා. ඒවා කියවූ විට මෙතුමන්ගේ පරම්පරාවේ අත්තා මුත්තාගේ පටන් එන මහා ජීවක පරපුරක තවත් එක් යුගයක යුගපුරුෂයකු වශයෙන් මෙතුමන් හඳුන්වා දිය හැකියි. එසේම එතුමාගේ බිරිය ද කුරුණෑගල ආයුර්වේද රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් වන අතර ඇයද සමාජයට මහත් යුග මෙහෙවරක් කරන්නියක්.

බෙහෙත් වර්ග, චූර්ණ, කල්ක, ගුලි වර්ග හා තෙල් වර්ග, ක්‍රීම් වර්ග මෙතුන්ම තම නිවසේ නිෂ්පාදනය කිරීම නිසා එහි ගුණාත්මක භාවය ගැන ද සියයට සියයක්ම විශ්වාසයි. ඒ බෙහෙත් ගුණාත්මකභාවයෙන් ඉහළ පිරිසුදු ඒවා බව ද මට නිසැකවම කිව හැකියි.”

“පරම්පරාගතවම හෙළ බොදු ජීවක පරපුරක් වන අතර සහනදායි ලෙස රෝග නිෂ්ටාව කරගත හැකියි. මා එතුමාට චිරාත් කලක් සුවහසක් ජනයාට කායික මානසික සුවය ලබා දී නිරෝගීමත් සමාජයක් නිර්මාණය කිරීමට දිරිය ශක්තිය නිරෝගී බව ලැබේවා යි පතනවා…” උන්වහන්සේ ලියති.

වසර හාර පන්සියයක් පැරැණි කුරුණෑගල ගැට්ටුවානේ වෙද පරම්පරාවේ අද දිවමන් ජීවක පුරුක වෛද්‍ය වසන්ත උදයජීව මහතාය. එතුමා ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලයයේ උපාධිධරයෙකි. අතරයිටීස්, ආමවාතය, අංශභාගය, පිළිකාව ඇතුළු රෝග ගණනාවක් සම්බන්ධයෙන් පර්යේෂණ කැර ඇති එතුමා වයඹ පළාතේ හොඳම ආයුර්වේද ජීවකයෙකි. සන්ධි අමාරුව පිළිබඳ විශේෂඥ දැනුමක් එතුමාට තිබේ. බොහෝ රූමටික ආතරයිටීස්, ඔස්ටියෝ ආතරයිටීස් රෝගීන් ද ඔහුගෙන් සුවය ලබා ඇත්තේය. සන්ධිවාත ගැන එතුමා මෙසේ කියයි.

Joint Pain and Arthritis

“සන්ධිවාත ලෙස පොදුවේ හඳුන්වන ආතරයිටිස් රෝගයේ පළමුවැනි ලක්ෂණය බොහෝ විට උණ ගැනීම. ඒත් එක්ක රෝගියා දැඩි අපහසුවට පීඩාවට පත්වෙනවා. ක්‍රමයෙන් ශරීර බර අඩුවන්නට පුළුවන්. ඊළඟට තමයි සන්ධි වේදනාව හට ගන්නෙ. සන්ධි ඉදිමීම, සන්ධි විකෘත වීම වගේම සන්ධිවල ප්‍රදාහ තත්ත්වයන් ඇතිවන්නට පුළුවන්. අවසන් වශයෙන් සන්ධි දිග හැර ගන්නට බැරි තද ගතියක් ඇති වෙනවා. මුල් කාලෙදිම ලෙඩේ හඳුනාගෙන ආවොත් ප්‍රතිකාර පහසුයි. කෙතරම් කල් ගියත් අප ප්‍රතිකාර නොකැර ඉන්නේ නෑ. ඒත් සන්ධිය විකෘත වන්නට පෙර ගොඩ ගන්න පුළුවන් මුලින්ම අප වෙත ආවොත්… අනවශ්‍ය වෙහෙස මානසික ආතතිය තමයි ලෙඩේට මුල.

‘මාමයි – බෑනයි’ අතර බෑනා ලෙස අතිශය ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී බන්දුල විජේවීර කලාකරුවා ගැට්ටුවානේ වෙද මහතා ගැන මෙසේ කියයි.

“මං එතෙන්ට ගියාමයි දන්නෙ එතුමා අපේ නෝනගේ පාර්ශ්වයේ නෑදැයින් සමඟ ඉතාම කිට්ටුවන්ත පවුලක කෙනෙක්. අපේ මාමණ්ඩි ජී. බී. වෑත්තෑව මහත්මයාට හරියට උදවු කරලා තියෙනවා ඔය වසන්ත උදයජීව කියන වෙද මහත්මයාගේ අප්පච්චි. මට සන්ධි අමාරුවක් හැදිලා උන් හිටි තැන් නැතිව හිටියෙ. ඇ‍ඳෙන් නැඟිට ගන්නවත් බැරිව ටික දවසක් හිටියා.

‘නරි බෑනා’ හා ‘මධුර ජවනිකා’ නාට්‍යයේ රඟපාන්න යන්නවත් බැරි වුණා. බැරිම තැන මේ වෙද මහතා හමුවන්න ගියා. බටහිර දොස්තරලා ගාවට ගියාම ස්කෑන් කරලා තවත් නොයෙක් විප්‍රලම්බ කරලා අපි හෙම්බත්ව හිටියෙ. ඒත් ටික ටික සුවයක් නොලැබුණා නොවේ. ඒත් අපහසුතානම් කෙළවරක් වුණේම නෑ. මං පැහැදිලිව කියන්න කැමැතියි මේ වෙද මහතාගෙන් ප්‍රතිකාර ගත්තාම ඒ ලෙඩ සුව වුණා. දැන් මා වේදිකා නාට්‍යවල විතරක් නොවේ ටෙලි නාට්‍යවලත් රඟපානවා.

ඔහු කතා කළේ සුපුරුදු සදය සිනා මතු කරමිනි. බන්දුල විජේවීර මහතාගේ බිරිය පද්මා වෑත්තෑව මහත්මියයි. එතුමිය ඇතුගල්පුර දේශපාලනයේ ද ප්‍රසිද්ධ චරිතයකි.

“මා සිටින්නේ අලව්වෙ. කුරුණෑගල ආසනය පටන් ගන්නේ අපේ ගෙවල් අද්දරින්. ඇත්තටම මේ වගේ විස්කම් වෛද්‍යවරයෙක් අපේ පළාතේ ඉන්න එකත් අපට ආඩම්බරයක්. මගෙ අප්පච්චි පී. බී. වෑත්තෑව මහත්මයත්, දැන් ඉන්නා වසන්ත උදයජීව වෛද්‍යතුමාගේ අප්පච්චි එම්. ගුණදාස වෛද්‍යතුමත්, හිටපු ඇමැති ඩී. පී. වික්‍රමසිංහ මහත්මයාත් ඉතාම ළඟින් ඇසුරු කළ අය. ඒ අප්පච්චිත් වගේම මේ වෙද මහත්මයත් දක්ෂයි. ලෙඩෙක් තමන්ගේ අසනීපයට ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයා ළඟට එන විට තිබිය යුතු පරිසරය මෙතැන තියෙනවා. මේ වෙද මහත්මයාත් හරිම කරුණාවන්තයි. ඉතාම පහසු විදියට බෙහෙත් පවා නියම කරන්නෙ. මගේ මුළු ඇ‍ඟේම තරමක හිරි ගතියක් තිබුණා. මගේ මහත්මයාට වගේම මටත් සන්ධි අමාරුවක් තිබුණා. කිව්වට පිළිගන්න. මං එක වතාවයි එතුමාගෙන් බෙහෙත් ගත්තෙ. මට පුදුමාකාර සුවයක් ලැබුණා. ඇත්තටම මේ වගේ වෙද මහත්වරු අප රැකගන්න ඕනෑ. මට තිබුණු හැම අපහසුතාවක්ම වෙද මහතාගේ ප්‍රතිකාර හරහා හරි ගියා.

වත්තලට කිට්ටු පෙදෙසක එකම පවුලෙ සොයුරියන් තිදෙනකු ආතරයිටීස්, හා කොන්ද කැක්කුම ආදි රෝගවලට ප්‍රතිකාර ලබා සුවය ලැබු කතන්දරය ඔබට කියන්නට මම පොරොන්දු වීමි.

එහෙත් ක්ලේරා, ප්‍රින්සි හා රොමේන් යන මේ සොයුරියන් ඒ අදහස දැන් වෙනස් කැර තිබේ. ඔවුනගේ පියා හා මව කිසිදා සන්ධිගත රෝගයකින් නොපෙළෙනවුන් වී සිටියද පවුලේ සොයුරියන් තිදෙනාට මෙසේ වීම කිසියම් අභාග්‍යයකි. එය පරම්පරාගත ලක්ෂණයක් නොවන්නේ වෙද මහතා ඊට දෙන පිළිතුරු හරහාය.

“මේක පරම්පරාවෙන් එන්නට තිබෙන්නෙ සුළු ඉඩක්. ඒක හැදෙන්නෙ එහෙම පරම්පරාවෙ ඒක තිබෙන හින්දම නොවේ. මානසික ආතතිය, අඩු නින්ද, වැරැදි ආහාර රටාව, වගේ දේවල්වලින් ඒක සිදුවෙන්න පුළුවන්. එහි ප්‍රතිශතය සියයට අනූඅටක් විතර…” එතුමා කියයි.

එම්. ගුණදාස පාරම්පරික වෛද්‍යතුමා ද ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද ආයතනයේ උපාධිධරයෙකි. එතුමා ද පාරම්පරිකව එසේ රෝග සෑදුණු ඇත්තන්ට ප්‍රතිකාර කළේය. එය පැටිවියේ එදා සිටි වෛද්‍ය උදයජීව මහතාට ද මතකය.

මෙවැනි අපහසුතා ගැන විවෘතව සමහරුන් කතා නොකරන්නේ තමන්ගේ පවුලේ බොහෝ දෙනකුට එවැනි අසනීප තිබෙන බව කිවහොත් ඒ පවුලක කුඩා දැරියකටවත් දීගයක් සඳහා අවස්ථාව නොලැබෙනු ඇතැයි කියන මෝඩ සිතිවිල්ලෙන් බව මම ඉඳුරාම දනිමි. අතීතයේ ලෙඩ වෙද අප්පච්චිලා අතින් සුවපත් විණි. වර්තමානයේ ලෙඩුනට සුව ඇදුරිඳු වන්නේ වෛද්‍ය උදයජීව මහතාය. එහෙත් අනාගතය කෙබඳු වේද? මා එසේ කීවේ මේ මහතාගේ පුතා බටහිර වෛද්‍යකර්මය හදාරන නිසාය. දියණිය නීතිවේදය හදාරන බැවිනි.

Arthritis and Joint Pain

එහෙත් මේ දරුවන් තම පරම්පරාව රැගෙන ආ මේ වෙදකර්මයේ දායාදය අත් නොහරින බව සැබෑය.

“සතරදිගින් වඩින්නා වූ සංඝයාට මේ ලෙන පූජා කරමි” යනුවෙන් අපේ විහාර වංශයේ බොහෝ ඓතිහාසික භාවනා කුටි පූජා කරන හැටි කීර්තිමත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ සෙනරත් පරණවිතාන සූරින් ඓතිහාසික ශිලා ලේඛන ඇසුරින් කියවන ලද්දේය. එසේම කුරුණෑගල ගැට්ටුවාන සන්ධි සුව වෙද අරණ ඇත්තටම ‘අරණ’ක් වන්නේ එහි ළෙන්ගතුකම, පරිත්‍යාගය, කාරුණික බව පිරී තිබෙන නිසාය. එමතු ද නොව සතර දිගින් වඩින සංඝයා වහන්සේට මෙන්ම සියලුම ආගම්වල පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේට නොමිලයේම ප්‍රතිකාර සලසන නිසා ය. එය සන්ධි සුවයට ආරණ්‍යයක් වන්නේ එනිසාවෙනි.

ලිපිනය: No. 160/1, Buwanekaba Lane, Gettuwana Road, Kurunegala 60000

දුරකථනය:
076 706 4019
071 834 1834

ගැට්ටුවානේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය වසන්ත උදයජීව

 

Exit mobile version