ගොසිප් පුවත්

අපේ නිර්මාණ බලලා හොඳ කියන අයට වඩා වැඩිපුර ඉන්නේ බනින අය-සමරේ ඇන්ඩ් සමරේ

සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ රටක් ආදරය කරන නම ඇසූ පමණින් කවුරුත් දන්න කියන අපූරු යහළුවන් දෙදෙනක් තමයි සමරේ ඇන්ඩ් සමරේ කියලා කියන්නේ. ඉතින් මහනුවර කිංස්වුඩ් සහ ධර්මරාජ විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරූ මේ යහළුවන් දෙදෙනාගේ නම් තමයි සසික දියමන්ත සමරසිංහ සහ හසජ කාංචන සමරනායක කියලා කියන්නේ. ඉතින් උසස් පෙළ සඳහා ජීව විද්‍යා අංශයෙන් සහ වාණිජ අංශයෙන් අධ්‍යාපනය හැදෑරූ මේ දෙන්නා විභාගයන්ගෙන් ඉහළින් සමත් වෙලා දෙදෙනාම සරසවි වරම් ලැබන්නට වාසනාවන්ත වුණා. කොහොම නමුත් උසස් අධ්‍යාපනය හදාරන අතරතුර 2016 වසරේදී ස්වාධීන රූපවාහිනීය මඟින් පවත්වනු ලබූ ටැලන්ට් ෂෝ වැඩසටහනෙන් කවුරුත් හඳුනාගත් ඔවුන් දෙදෙනා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහු ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ටැලන්ට් ෂෝ එකට එන්න ඉස්සෙල්ලා පොඩි වීඩියෝ ක්ලිප් තුන හතරක් කරලා තිබ්බාලු. ඉතින් ඒවා ඔහුගේ එෆ් බී එකේ ප්‍රචාරය කළා කියලයි ඔහු කියන්නේ. ඉතින් මේ දාපු වීඩියෝ දෙක තුනක් ඔහුගේ යාළුවෙක් එයාගෙ එෆ් බී එකේ අප්ලෝඩ් කරලා ඒක හොඳටම විරාල් වෙලා ගියාලු. ඉතින් ඒ හරහා ඔවුන් දෙන්නාව ගොඩක් අය හඳුනා ගත්තා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඊට පස්සේ තමයිලු ඔවුන් මේ ටැලන්ට් ෂෝ එකට සම්බන්ධ වුනේ. ඉතින් එහිදී අභියෝග ගොඩක් මැද්දේ ඔවුන්ට දෙවැනි ස්ථානය හිමි වුණාලු. ඒ වගේම මේ අවුරුද්දේ අගෝස්තු 25 දාට අවුරුදු හයක් වෙනවාලු ඔවුන්ගේ ගමනට. ඉතින් ඒ ගැන හරිම සතුටුයි කියලයි ඔවුන් කියන්නේ.

ඉතින් ඒ වගේම ඔවුන්ගේ යූ ටියුබ් නාලිකාවේ දැන් 40000 කට වැඩි පිරිසක් ඔවුන් එක්ක රැඳීලා ඉන්නවාලු. ඒ වගේම ඒෆ් බී වල 150000 ට වැඩි පිරිසක් ඔවුන් එක්ක එක්ව සිටිනවා කියලත් ඔවුන් කියනවා. ඉතින් මේ පවතින කාලවකවානුව සමථයකට පත් වුණාම නරඹන පිරිස වැඩි වෙයි කියලා ඔවුන් හිතනවාලු. ඉතින් ඔවුන්ට ඕනේ කුඩා ළමයාගේ ඉදන් ආච්චි සීයා දක්වා මේක නරඹන පිරිස වැඩි කර ගන්නලු. ඉතින් ඒ වගේම ඔවුන්ගේ නිර්මාණ බලලා ඔවුන්ට බණින ප්‍රමාණය වැඩියි කියලයි ඔවුන් කියන්නේ. කොහොම නමුත් ඔවුන් කැමති ඔවුන්ට බණින ප්‍රමාණයට වඩා ඔවුන්ට උපදෙස් දෙන ප්‍රමාණය වැඩි වෙනවා නම්ලු. ඉතින් එහෙම වුණොත් ඔවුන් එළිදක්වන ඊළඟ නිර්මාණය සාර්ථක නිර්මාණයක් කර ගැනීමට ඔවුන්ට හැකි වෙනවා කියලත් ඔවුන් කියනවා.

හැබැයි සමහර වෙලාවට ප්‍රේක්ෂකයන් ඉල්ලන දේවල් ඔවුන්ට දෙන්න නොහැකි වෙනවා කියලත් ඔවුන් කියනවා. ඒත් ඔවුන්ට කරන්න පුළුවන් උපරිම දේ ඔවුන් කරනවාලු. හැබැයි එදාට වැඩිය ප්‍රේක්ෂක ජනතාවක් දැන් ඉන්නවා කියලත් ඔවුන් කියනවා. ඉතින් දැන් ඔවුන්ගේ අරමුණ ඒක රඳා පවත්වා ගැනීමලු. ඒ වගේම මේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය සුළු මොහොතකින් නැති වෙන්නත් පුළුවන්ලු. ඉතින් ඒ වගේම ඔවුන් දෙන්නම තමයිලු පිටපත් රචනා කරගන්නෙත්. ඉතින් බොහෝ වෙලාවට යාළු හිත මිත්‍රාදීන්ගෙන් පිටපත් රචනා ලැබෙනවා කියලත් ඔවුන් කියනවා. ඉතින් ඒ සියලු දේම සංකලනය කරලා ඔවුන් හොඳ නිර්මාණයක් බිහි කරනවාලු.

ඉතින් ඒ වගේම මේක ඔවුන්ගේ වෘත්තිය කර ගන්නේ නැහැ කියලත් එයාලා කියනවා. හැබැයි ප්‍රේක්ෂකයා වෙනුවෙන් ඉදිරියට කරගෙන යනවාලු. ඒ වගේම ඔවුන් දෙන්නා වෘත්තීන් දෙකක ගමන් කරන දෙදෙනෙක් කියලත් එයාලා කියනවා. ඉතින් සරසවිය තුළ වෛද්‍ය පිඨය සහ කළමනාකරණ පිඨය වුණාට ඔවුන් දෙදෙනාගේ අදහස් එකයිලු. ඒ වගේම ඔවුන් දෙදෙනා කොහේ දුර හිටියත් එකට එකතු වෙලා මේ වැඩේ කරගෙන යනවා කියලයි එයාලා කියන්නේ. ඒ වගේම ඉදිරියේදී විදේශ සංචාර කිහිපයක්ම යෙදිලා තිබෙනවාලු. ඊට අමතරව ඔවුන් මේ කරන දේ වේදිකාවට ගෙන ඒම තමයිලු ඔවුන්ගේ එකම බලාපොරොත්තුව. ඉතින් ඒ සඳහා වැඩ කටයුතු සිදු කරමින් යනවා කියලයි අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post අපේ නිර්මාණ බලලා හොඳ කියන අයට වඩා වැඩිපුර ඉන්නේ බනින අය-සමරේ ඇන්ඩ් සමරේ appeared first on FoxMedia.

Back to top button