ගොසිප් පුවත්

මම රෑ වෙලා කීයට ගෙදර ආවත් අම්ම ඇහැරන් ඉන්නවා, තාත්තා නැති වුනාට පස්සෙ මට අම්මයි තාත්තයි දෙන්නම වුනේ මගේ අම්මා – සචින් ලියනගේ

මේ දිනවල සිරස නාලිකාවේ විකාශය වන ‘කියා දෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ රංගනය කරන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි සචින් ලියනගේ කියන්නේ. ඉතින් සචින් කියන්නේ හරිම නිහතමානී චරිතයක් වන සචින් ගැන සමාජ මාධ්‍යනම් බෙහෙවින් කතා බහ කරනවා. මොකද ඒ කියා දෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යයේ ඔහු රංගනයෙන් දායක වන්නේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ශලිනි තාරකා සමගයි. ඉතින් ඒ නිසාවෙන්ම සචින් සහ ශලිනි ආදර සම්බන්ධයක් ගැන හැමෝම කතා වෙනවා.

නමුත් සචින් කියන්නෙ නම් ඔවුන් අතර කිසිම සම්බන්ධයක් නෑ ඔවුන් දෙදෙනා හොදම යාලුවන් කියලයි. ඉතින් ඒ කොහොම වුණත් සචින් මියුසික් වීඩියෝ තුලත් අපිට දැකගන්න පුලුවන් රංගන ශිල්පියෙක්. ඉතින් අක්කලා තුන් දෙනෙක්ගේ ආදරය මැද හැදුණු සචින් ලියනගේ පවුලේ පොඩිම පිරිමි දරුවා.

ඉතින් මේ දිනවල ගොඩක් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම ඔහුගේ ප්‍රථම නිර්මාණයෙන්ම රටක් ලෝකයක් වසග කරගන්න හැකි නලුවෙක් තමයි ඔහු. ඉතින් ගායකයෙක් වගේම ක්‍රිකට් ක්‍රීඩාවටත් දස්කම් දක්වන සචින් ලියනගේ ඉපදුනු දවස ගැන අම්මට ඇති වුණු හැගීම ඇය යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මගේ පුතා ලැබුණු දවස තමයි මම මේ ලෝකේ ගොඩාක්ම සතුටුවුණ දවස. සචින් පුතා මැණිකක් මට. තාත්ත නැති වුණ දවසේ ඉදලා මට තාත්තෙක් වගේ සලකනවා. අක්කලා තුන් දෙනාටත් පියෙක් වගේ. හැමෝම පුතා ගැන හොද කියනවා. ඕනම කෙනෙකුට අනුකම්පා කරන ළමයෙක්. සචින් ඉපදුනු දවසේ තාත්තා අක්කලාට කියලා තියෙනවා ඔන්න මල්ලි කෙනෙක් ගෙනාව කියලා. අක්කලා සතුටට කෑ ගහගෙන හිනා වෙලා.”

ඉතින් සචින් ලියනගේගේ ආදරණීය මව මේ විදියටයි තම පුතා ගැන කියලා තිබුණේ. ඉතින් ඒ වගේම අම්මා ගැන සචින් ලියනගේ අදහස් දක්වලා තිබුණා.

” මගේ ජීවිතේ තාත්ත නැති වුනාම මට අම්මයි තාත්තයි දෙන්නම වුනේ මගේ අම්මා. මම රෑ කීයට ගෙදර ගියත් අම්ම ඇහැරන් ඉන්නවා මම එනකම්. ඇවිත් මට තේ එකක් හදලා දීලා දවස තුළ වුන දේ විනාඩි පහට දහයට කියනවා. අම්ම ගැන මට කියන්න වචන නෑ.’’

ඉතින් මේ විදියට තමයි ජනප්‍රිය රංගන ශිල්පී සචින් ලියනගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඔහුගේ සියලු වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post මම රෑ වෙලා කීයට ගෙදර ආවත් අම්ම ඇහැරන් ඉන්නවා, තාත්තා නැති වුනාට පස්සෙ මට අම්මයි තාත්තයි දෙන්නම වුනේ මගේ අම්මා – සචින් ලියනගේ appeared first on FoxMedia.

Back to top button