ගොසිප් පුවත්

මමයි දුෂේනියි අතර ලොකු සහෝදර බැදීමක් තියෙනවා, ආදරවන්තයාගේ චරිතය මම ගොඩක් කරලා තියෙන්නේ – සචින් චතුරංග

සිරස නාලිකාවේ දකින්න ලැබුණු නවතම ටෙලි නිර්මාණයක් තමයි ‘රහයි ජීවිතේ’ ටෙලිනාට්‍යය. ඉතින් මේ ටෙලිනාට්‍යයේ ‘ගීත්’ විදියට අපි අතරට එන ඔහු කඩවසම් තරුණ රංගන ශිල්පියා සචින් චතුරංග. ඉතින් ඒ වගේම ‘පාර දිගේ’ කියන්නෙත් කවුරුත් දන්න ජනප්‍රිය වගේම කවුරුත් ආදරය කරන ටෙලිනාට්‍යයක්. ඉතින් පුංචි තිරය ඔස්සේ නිතරම දැක ගන්න ලැබෙන සචින් තාරුණ්‍යයේ සිහින කුමාරයායි

ඉතින් ඒ වගේම මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙඉ නාට්‍යයක් වන ‘ලංවී’ ටෙලිනාට්‍යයේ පෙම්වතෙක් විදියට ඔහු අපි අතරට එනවා. ඉතින් මේ කොයි විදියට අපි අතරට ආවත් සචින් කියන්නේ හරි නිහතමානී නිරහංකාර තරුණයෙක්. ඉතින් පුංචි තිරයේ විවිධ පෙම්වතුන් නියෝජනය කරන සචින්ට ගොඩක් වෙලාවට තිරය තුළදී පෙම්වතිය විදියට ලැබෙන්නේ රංගන ශිල්පිනී දුෂේනි මියුරංගි. ඉතින් ඇය සමගින් රංගනය කිරීම ඉතාම පහසුයි කියලයි සචින් කියන්නේ.

තමාට ලැබෙන චරිත රාමු ගත නොගෙන් ඕනෑම චරිතයක් භාර ගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් තමයි සචින් චතුරංග. ඉතින් රංගනය තුලින් ඉදිරි ගමනක් යන්න තමයි මේ කඩවසම් රංගන ශිල්පියා බලාපොරොත්තු වන්නේ. ඉතින් පුංචි තිරයේ විවිධ පෙම්වතුන් රංගනය කරන්න අවස්ථාව ලැබීම ගැන සචින් පුවත් පතකට මේ විදියට අදහස් දක්වලා තිබුණා.

” මම මීට පෙර ආදරවන්තයාගේ චරිතය කිහිප වරක්ම රංගනය කරලා තියෙනවා. සමහර ආදර බලෙන් ලබා ගන්නවා. සමහර චරිත වල දෙන්නට දෙන්නා ගොඩක් ආදරය කරනවා. ඉතින් මම කැමතියි ඕනෑම චරිතයක් අභියෝගයක් බාර ගන්න. රංගන ශිල්පියෙක් වුනාම ඕනම චරිතයක් භාර ගන්න එපැයි.”

ඉතින් කඩවසම් රංගන ශිල්පී සචින් චතුරංග අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි. කෙල්ලන්ගේ සිහින කුමරා වන සචින්ගේ ඉදිරි කලා කටයුතු වගේම සිතන පතන සියලුම දේ ඉටුවෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post මමයි දුෂේනියි අතර ලොකු සහෝදර බැදීමක් තියෙනවා, ආදරවන්තයාගේ චරිතය මම ගොඩක් කරලා තියෙන්නේ – සචින් චතුරංග appeared first on FoxMedia.

Back to top button