ගොසිප් පුවත්
සද්ද බද්ද කරලා පිළිවෙළක් වෙන්න හිටියා නම් තාම මං තනිකඩයි – රුවංගි රත්නායක

රුවංගි රත්නායක කියන්නේ පුංචි තිරයේ දඟකාරියක් විදිහට ප්‍රේක්ෂකයින් අතරට ආපු රංගන ශිල්පිණියක්. සිනමාව හරහාත් දක්ෂතා පෙන්වන්න සමත් වුණු මේ රුවැත්තිය විවාහ ගිවසගෙන දැන් අවුරුද්දකුත් වෙලා. ඇය විවාහ වුනේ ව්‍යාපාරිකයෙකු වූ නිර්මල සමඟයි. ඉතින් රුවන්ගි ඇගේ අලුත්ම තොරතුරු ගැන මේ විදිහට සතිඅන්ත පුවත්පතකට කියා තිබුණා. මේ ඒ ගැනයි..
රුවංගි කොහොමද ජීවිතේ?
ජීවිතේ ඉතාම සතුටින් ගතවෙනවා. ඉස්සර වගේ කලා කටයුතු එක්ක කාර්යබහුල නැති නිසා හරිම සැහැල්ලුවක් දැනෙනවා.
කොහෙද මෙච්චර කල් රුවංගි අතුරුදන් වෙලා හිටියේ?
විවාහවීමත් එක්ක මම අවුරුද්දක් විතර කලා කටයුතුවලට දායක වුණේම නැහැ. කලාවෙන් ඈත් වෙලා පවුලට මුල් තැන දුන්නා. ඇත්තම කියනව නම් රංගනයෙන් ඈත් වෙන්න පෞද්ගලික හේතු කාරණාත් තිබුණා.
සැබෑ ජීවිතෙත් රුවංගි පවුලට හොඳ නෑනා කෙනෙක් ද?
නෑනා කෙනෙකුට වඩා මගේ පවුලේ සහ සැමියාගේ පවුලේ අයට මම හරිම ළෙංගතුයි. ඒක නෑනාට එහා ගිය සහෝදර බැඳීමක්.
ඉතින් රුවංගි හොරෙන්ම විවාහ ගිවිසගත්තා. තාම උත්සවයක් ගන්න බලාපොරොත්තුවක් නැද්ද?
ඇත්තටම කාටවත් නොකියා පවුලේ අය විතරක් එකතු කරගෙන විවාහ ගිවිසගත්තේ මාස 6කින් විතර වෙඩින් එකක් ගන්න බලාපොරොත්තුවෙන්. ලොකුවට හැමෝටම කියලා වෙඩින් එකක් ගන්න අදහස මගේ හිතේ තිබුණ නිසා විවාහ ගිවිස ගැනීම ගංගාරාම පන්සලේ චාම්ව සිදුකළා.
විවාහ වෙලා මාස 6කින් උත්සවය ගන්න හිටියත් රටේ ඇතිවුණු කොරෝනා වසංගත තත්ත්වය එක්ක අපිට වෙඩින් එක අරගන්න බැරි වුණා. තාමත් එවැනි දේකට සුදුසු තත්ත්වයක් නැති නිසා වෙඩින් එකක් ගැනීමේ අදහස අපි අත්හැරියා. නොවැම්බර් මාසෙට අපි විවාහය ලියාපදිංචි කරලා අවුරුද්දක්. දැන් වෙඩින් එකක් අරන් වැඩක් නැති නිසා අපි දෙන්නා තීරණය කළා ක්ෂේත්රයේ හිතවතුන් සියලුම දෙනා එකතු කරගෙන ලබන මාසේ අපේ පළමු විවාහ සංවත්සරය සමරන්න.
ක්ෂේත්රයෙන් පිට කෙනෙකුට රුවංගිගේ හිත ගියේ කොහොමද? ආදර කතාවත් කියමු?
ක්ෂේත්රයේ කෙනෙක්ම නම් විවාහ කරගන්න මට කවදාවත් බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ඔහු ව්‍යාපාරිකයෙක්. නිර්මල ගමගේ. නිර්මලව මට මුලින්ම මුණ ගැහෙන්නේ උත්සව අවස්ථාවක දී. අපි හොඳ යාළුවෝ විදිහට ටික කාලයක් ඇසුරු කරද්දී දන්නෙම නැතුව ඒක ආදර සම්බන්ධතාවකට පෙරලුණා. අවුරුදු හතරක් අපි ආදරය කරලා තමයි විවාහ වුණේ.
දෙමාපියොත් මම කැමැති සහකරුවෙක් තෝරගන්න මට අවසර දීලා තිබුණා. ඒත් අපේ ආදර කතාව ඇතුළේ සමහර අවස්ථාවල මගේ දෙමාපියන්ගෙන් විරෝධතා ආවා. ඒත් අපි කොහොමහරි දෙමාපියන්ගේ ආශිර්වාදය ගත්තා.
සැමියා ව්‍යාපාරිකයෙක් නිසා ඉදිරියේ දී රුවංගිටත් ව්‍යාපාර පැත්තට යොමුවෙන්න වේවිද?
නිර්මල මට කවදාවක් කලා කටයුතුවලට යන්න එපා කියලා නැහැ. නිර්මාණ තෝරා බේරාගෙන පවුල් ජීවිතයට අවහිරයක් බාධාවක් නොවන විදිහට කලා කටයුතු කරගන්න අවසරය මට දීලා තියෙනවා. මොනවා කළරත් දැන් විවාහක කාන්තාවක් විදිහට තනිකඩ කාලේ වගේ තීන්දු තීරණ ගන්න බෑනේ. මුල්තැන දෙන්නේ පවුල් ජීවිතයට තමයි. පොඩි පොඩි සීමාවල් ටිකක් තියෙනවා. මට හැකි උපරිමයෙන් ඔහුගේ ව්‍යාපාර වැඩවලට උදව් කරනවා.
සීමාවන් එක්ක කලා ජීවිතේ ජනප්‍රියත්වය රඳවගන්න පුළුවන් වේවි කියලා හිතනවාද?
මම අවුරුද්දක් වැඩ කළේ නැහැ. ජනප්‍රියත්වය අඩු වෙනව නම් දැන් මාව මිනිස්සුන්ට අමතක වෙලා තියෙන්නේ ඕනෑ. මටත් හිතුණා මුල් කාලෙදි ජනප්‍රියත්වය දැන් අඩුවෙලා යාවි කියලා. ඒත් රූපවාහිනියේ පේන්න හිටියේ නැතත් ඇයි පේන්න නැත්තේ කියලා හරි ප්‍රේක්ෂකයෝ මගෙන් අහනවා. ඒකත් මට සතුටක්. ඒ නිසා සීමාවන් තුළ ඉඳගෙන වැඩ කිරීම ජනප්‍රියත්වයට බාධාක් වේවි කියලා මම හිතන්නේ නැහැ.
ජනප්‍රියත්වයේ ඉහළම තලයේ ඉන්න කාලේ සද්ද බද්දයක් නැතුවම පිළිවෙළක් වෙන්න හිතුවේ ඇයි?
සද්ද බද්ද කරලා පිළිවෙළක් වෙන්න හිටියා නම් තාම මං තනිකඩයි.
ඊළඟ බලාපොරොත්තුව?
මවක් වීම තමයි.

නදීශා අතුකෝරළ – ලංකාදීප