දේශීය පුවත්
රුසියානු කොවිඩ් එන්නත සියයට 95ක් සාර්ථකයි

කොවිඩ් වෛරසයට එරෙහිව සිය ස්පුට්නික් -V එන්නත සියයට 95ක් ඵලදායි බව තහවුරු වී ඇතැයි රුසියාව ඊයේ (24) නිවේදනය කළේය.
පළමු එන්නත් මාත්‍රාවෙන් දින 42 කට පසු ලබාගත් මූලික දත්ත පදනම් කරගෙන මෙම ගණනය කිරීම් සිදුකර ඇති බව සඳහන්ය.
ඊයේ වනවිට ගෝලීය කොවිඩ් ආසාදිත ලැයිස්තුවේ පෙරමුණ ගෙන සිටින අමෙරිකාවෙන් ආසාදිතයන් 12,777,371ක්, ඉන්දියාවෙන් 9,177,840ක්, බ්‍රසීලයෙන් 6,088,004ක්, ප්‍රංශයෙන් 2,144,660 ක් සහ රුසියාවෙන් ආසාදිතයන් 2,138,828ක් වාර්තා වී තිබේ.
සමස්ථ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පන්කෝටි අනූහය ලක්ෂය ඉක්මවා ගොස් ඇත.
ලොව පුරා සිදු වූ මරණ සංඛ්‍යාව දාහතර ලක්ෂයකට අධිකය.