ගොසිප් පුවත්

ගියාට පස්සේ දුව බලන්න රිෂාඩ් අවසර දුන්නේ නෑ – ඉෂාලිනී දියණියට යුක්‌තිය ඉටු කරන්න

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ බොරැල්ල පිහිටි නිවසක මෙහෙකාර සේවයේ නිරතව සිටියදී සිරුරට ගි නි ඇ විලීමෙන් මියගිය අවු 16 හැවිරිදි බාලවයස්කාර දැරිය සම්බන්ධයෙන් පොලිසිය විසින් පවත්වන පරීක්ෂණ විධිමත් කරන ලෙසට බලකරමින් හැටන් ඩයගම ප‍්‍රදේශයේ වතු කිහිපයක වතු කම්කරුවන් සහ වෘත්තිය සමිති ගණනාවක නියෝජිතයන් (20) දින දැරිය පදිංචිව සිටි ඩයගම ප‍්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.

වතුයායෙන් ආරම්භ කළ උද්ඝෝෂණය හැටන් ඩයගම නගර දක්වා ගමන් කර ඩයගම නගර මධ්‍යයේදීද උද්ඝෝෂණය සිදු කළහ.

හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මසකට රු. 20000 ක වැටුපකට එම වතු යායේම පදිංචි

තැරැව්කරුවෙකුගේ මාර්ගයෙන් 2020 ඔක්තෝබර් මස රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ බොරැල්ලේ පිහිටි නිවසේ මෙහෙකාර සේවයට ගොස් ඇත.

2004.11.12 දින උපත ලද ජේ. ඉෂාලිනි නමැති ජී විතක්ෂ යට පත් තරුණිය රිෂාඞ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ නිරතව සිටියදී ඉකුත් (03) දින ඇයගේ සිරු රට ගි නි ඇවි ලීම නිසා දැ ඩි පි ළි ස්සුම් තුවාල සහිතව ජේ. ඉෂාලිනිව බදියුදීන් මහතාගේ නිවසේ අය විසින් බොරැල්ල රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය 15 වැනිදින ජිවි ත ක්ෂ යට පත් වී ඇත.

බාලවයස්කාර දැරිය ජීවි ත ක්ෂයට පත්වීමෙන් අනතුරුව සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඇය ලිංගික ප‍්‍රවේශයකට ලක් වී ඇති බවට තහවුරු වී ඇති නිසා ඇයට  කරදර සිදු කළ අය අත්අඩංගුවට ගන්නා ලෙසයි විරෝධතාවයේ නියැළී සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

තවද වතු ආශ‍්‍රිත ප‍්‍රදේශවල මෙවැනි තරුණියන් සහ වතු කම්කරු කාන්තාවන් විශාල පිරිසක් කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල  රැකියාවල නිරතව සිටින බවත්, එම කාන්තාවන්ටද මෙවැනි ඉරණමක් ඉදිරියේදි සිදු නොවිය යුතු බවයි උද්ඝෝෂණයේ නිරතව සිටි වතු කම්කරුවන් කියා සිටියේ.

මිය ගිය තම සොහොයුරිය හිටපු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතාගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයට ගිය දින සිට මිය යන තෙක්ම යළි තම නිවසට නොපැමිණි බවත්, ඇය බැලීමට තම දෙමව්පියන් සහ තමන් බදියුදීන් මහතාගේ නිවසට ගිය අවස්ථාවේ ඇය බැලීමට බදියුදීන් මහතාගේ නිවසේ අය අවස්ථාව ලබා නොදුන් බව මියගිය ජේ. ඉෂාලිනිගේ සොහොයුරු තිරුප‍්‍රසාද් පැවසීය.

මියගිය ජේ. ඉෂාලිනිගේ අවසන් කටයුතු ඉකුත් (17) දින ඇය පදිංචි ඩයගම බටහිර කොටසේ වතු යායේ පොදු සුසාන භූමියේදී සිදු කළ අතර, ඇයගේ මරණය සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය සහ නුවරඑලිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා වෙන් වෙන්ව පරීක්ෂණ ආරම්භ කර ඇත.

ජායාරූප හා සටහන නුවරඑලිය – නාලක රත්නායක

බදියුදීන්ගේ නිවසේදී මිය ගිය දැරියගේ පාසලේ විදුහල්පතිගෙන් ප්‍රකාශයක්

හිටපු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ සිටියදී පි ලිස්සු ම් තු වා ල ලබා මියගිය දැරිය පාසල් ගිය බව කියන අවිස්සාවේල්ල පුවක්පිටිය කිරිවන්දල ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයාගෙන් සහ උප විදුහල්පතිවරයාගෙන් පොලිසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නිවසේ සිටි පුද්ගලයකුගෙන් ද ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන කරගෙන ඔහුගේ ජංගම දුරකථනය බොරැල්ල පොලිස් බාරයට ගෙන තිබිණි .

දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා බොරැල්ල පොලිසිය අමතරව කොළඹ දකුණ කොට්ඨාශ  විමර්ශන ඒකකය ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය .

Back to top button