විදෙස් පුවත්

සති දෙකක් පතලක සිරවී සිටි පිරිස බේරාගනී

චීනයේ රන් පතලක සති දෙකක පමණ කාලයක් සිර වී සිටි පතල්කරුවන් 11 දෙනෙකු මුදවාගෙන තිබේ.

කෙසේවෙතත් ඒ අතරින් එක් පතල්කරුවෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එරට ෂැන්ඩොන් පළාතේ මීටර් 600ක ගැඹුරකින් යුතු රන් පතලක පසුගිය 10 වැනිදා සිදුවූ පිපිරීමක් හේතුවෙන් එහි සිටි පතල්කරුවන් 22ක් සිරවී තිබුණි.

ඔවුන් මුදාගැනීම සඳහා සහන සේවකයින්ට දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට සිදුවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button