දේශීය පුවත්

Online Game අත්හිටුවීමට ඉල්ලීමක්

මාර්ගගත පරිගණක ක්‍රීඩා ව්‍යවසනයෙන් දරුවන් බේරාගැනීම සඳහා වහා මැදිහත් වන ලෙස ඉල්ලමින් “ලක්මව දියණියෝ” ජාතික සංවිධානය විසින් විදුලි සංදේශ නියාමන කොමිෂමට ලිපියක් භාර දී තිබෙනවා.

අද (14) උදෑසන ඔවුන් එම ලිපිය භාර දුන් බව එහි ජාතික සංවිධායිකා ප්‍රියංගා කොතලාවල මහත්මිය පැවසුවා.

මෙම ක්‍රීඩා හේතුවෙන් සියදිවි නසා ගැනීම් තුළින් දරුවන් අකාලයේ මියැදීමේ ප්‍රවණතාවක් මතු වී ඇති බවයි ඇය පැවසුවේ.

එමෙන්ම විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවට මේ සම්බන්ධයෙන් වගකීමක් තිබෙන බැවින් මෙම ඉල්ලීම අදාළ බලධාරීන්ගෙන් සිදුකළ බව එහිදී ඇය සඳහන් කළා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වී මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙසයි බලධාරීන්ට ඇය අවධාරණය කළේ.

Back to top button