දේශීය පුවත්

පොදු ප්‍රවාහනය ඇරඹීම කල් දමන ලෙස ඉල්ලීමක්

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම කොවිඩ් -19 රෝගය පාලනය කරන තෙක් තවදුරටත් කල්දැමිය යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.

පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීම රෝගය යළි පැතිරීමට දැඩිව හේතුවිය හැකි බවයි වෛද්‍යවරයා පැවසුවේ.

ජනතාවගේ නොසැලකිලිමත් හැසිරීම පිළිබඳව කණගාටුව පළකරන බව ද ඒ මහතා අද (18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් පැවසුවා.

Back to top button