කාලගුණ පුවත්

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ රතු නිවේදනයක්

තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අනතරු ඇඟවීමේ නවතම රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කර තිබේ.

නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ලංකාවේ ත්‍රිකුණාමලය වෙරළට කි.මී 280ක දුරින් (10.0N, 83.3E) මුහුදු ප්‍රදේශයේ ස්ථානගතව පවතී.

ඉදිරි පැය 12ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වාත් ඊළඟ පැය 12 තුළ චන්ඩ සුළි කුණාටුවක් දක්වාත් එය වර්ධනය විය හැකි බවත් පෙන්වා දෙයි.

මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින්විට පැ.කි.මී 50-60 දක්වා ඉහළ යෑමට හැකියාවක් පවතින බවද පෙන්වා දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button