ගොසිප් පුවත්

බෙන්තර ගඟෙන් හමුවූ රතමිල්ල

දැඩි ලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන් ද මේ වනවිට හඳුනාගෙන තිබෙන බව වාර්තා වනවා.

මින් පෙර එය මාදු ගඟට පමණක් සීමා වී තිබූණා.

මෙහි විශේෂතවය වන්නේ වසර දෙක 2-20 අතර වයසේ පසුවන ශාක පනහක පමණ ගහනයක් වාර්තා වීමයි.

අදාළ ස්ථානයේ තිබූ තවත් ශාක කිහිපයක් කපා දමා තිබී ඇති අතර ඉතිරි ශාක ද අනතුරුදායක තත්වයට පත්වී ඇති බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

එමෙන්ම වසර සීයකට වඩා පැරණි රථ රත මිල්ල ශාක කිහිපයක් මීට ඉහත දී මේ රටෙන් හඳුනා ගෙන තිබෙනවා.

මෙය Combretaceae කුලයට අයත් ශාකයක් වන අතර ජලාබුජ පරෝහණය නොපෙන්වන කඩොලාන ශාකයක් වනවා.

මෙම ශාකය ආසියාතික රටවල, චීනය ඇතුළු බටහිර පැසිෆික් කලාපයේ සහ උතුරු ඕස්ට්‍රේලියාව බහුලව හමුවේ ඇති අතර මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට වඳ වී යාමේ තර්ජනයට ලක්ව තිබෙනවා.

ශ්‍රි ලංකාවේද මෙම ශාකය 1997, 2012 සහ 2020 යන වර්ෂවල ජාතික රතු දත්ත වාර්තාවන් වල දැඩි ලෙස තර්ජනයට ලක් වූ ශාකයක් ලෙස හඳුන්වා තිබෙනවා.

වැඩිදුරටත් අදහස් දැක්වූ පරීක්ෂකයන් පැවසුවේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය එක්ව මෙම ශාක සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ මූලික සාකච්ඡා මේ වනවිට අරඹා ඇති බවයි.

මෙම සොයාගැනීම පේරාදෙණිය විශ්ව විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකු වන මධුසංඛ, කඩොලාන පර්යේෂකයකු වන ආචාර්ය මනෝජ් ප්‍රසන්න සහ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ මහාචාර්ය කිත්සිරි රණවන කණ්ඩායම විසින් සිදු කර තිබෙනවා.

Back to top button