ගොසිප් පුවත්

මම මුලින්ම වැඩකලේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට, අදටත් කටහඩින් මාව ඕන කෙනෙක් අඳුරනවා-රම්‍යා වනිගසේකර

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි රම්‍යා වනිගසේකර කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඇය ගුවන්විදුලි නිවේදිකාවක්, වේදිකා නාට්‍ය නිළියක් පමණක් නොව චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිළියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් මේ දිනවල අමරබන්දු රූපසිංහ, බොනිකර තරු හා දිවිතුරා කියන ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ඉස්සර විවිධ චරිත නිරූපණය කළා කියලයි ඇය කියන්නේ. ඉතින් දැන් ආපහු ඒ කාලේ දිහා හැරිලා බලන කොට විශාල සතුටක් තියෙනවා කියලත් ඇය කියනවා. නමුත් එදාට වඩා අද මේ හැම ක්ෂේත්‍රයක්ම වෙනස්වෙලාලු. ඒ වගේම ඇය දැන් රඟපාන නාට්‍යවල හාස්‍යලු තියෙන්නෙ. අමරබන්දු රූපසිංහ එකෙත් ඇයගේ ඇඳුම, කතාව හරි වෙනස් කියලයි ඇය කියන්නේ. ඉතින් කලාකරුවෙකුට ඕනෑම චරිතයක් රඟන්නට පුළුවන් වෙන්න ඕනෙ කියලත් ඇය කියනවා. ඒ වගේම හැමදාම මහළු චරිත රංගනයෙ යෙදෙන අතරේ මේ වගේ චරිතයක් ලැබීමත් ඇයට ලොකු සතුටක්ලු. ඉතින් මේක ඇයගේ තවත් හැකියාවක් පෙන්නන්න ලැබුණ හොද අවස්ථාවක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඉස්සර ෆේස්බුක් තිබුනේ නැති වුනාට දැන් යූටියුබ්, ෆේස්බුක් වල ප්‍රතිචාර බැලුවම ඇයට හරි සතුටක් දැනෙනවාලු. හැබැයි නරකට රගපාන්න වෙන චරිතයක් නම් ඒවට බැණලා ප්‍රතිචාර තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ කියන්නෙ ඒ චරිතේ සාර්ථකව කරලා කියලා ඇයට හිතෙනවාලු.

ඉතින් ඒ වගේම ඇය ගුවන්විදුලියට බැඳුණේ 1980දීලු. ඒ වගේම ඊට කලින් ගුවන්විදුලියේ සරල ගීත, නාට්‍ය, නූර්ති ගී වැඩසටහන්වලට සම්බන්ධ වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම 1980දී ඇයට ප්‍රවෘත්ති නිවේදන ඉදිරිපත් කිරීමේ සම්මුඛ පරික්ෂණ තුනක් තිබුණාලු. ඉතින් ඒ ඔක්කොගෙන්ම ඇය ඉහළින්ම සමත් වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඊට පස්සේ 1981දී ඇයව ගුවන්විදුලියට ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට ස්ථිරව බඳවා ගත්තාලු. ඊට පස්සේ 1981 ඉඳලා 2006 වෙනකන් නිවේදිකාවක් විදිහට වැඩ කළා කියලයි ඇය කියන්නේ. ඊට පස්සෙ අවුරුදු 55න් ඇය විශ්‍රාම ගියාලු. ඒ වගේම ඊට පස්සෙ ඇය සහන නිවේදිකාවක් විදිහට වැඩ කළාලු 2018 වෙනකම්. ඒත් එක්කම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියට ඇයට ලොකු වගකීමක් තිබුණා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ නිසාම ඕනෑම කෙනෙක් අදටත් දන්නවාලු ඇයගේ හඬින් කතා කරනකොට ඇය රම්‍යා වනිගසේකර කියලා. ඉතින් ඇය ගුවන්විදුලියට ආලෝකයක් වුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ගුවන්විදුලිය ඇයට ආලෝකයක් ලබා දුන්නාලු. ඒ වගේම ඒක ඇයගේ ජීවිතයට ලොකු එළියක් කියලත් ඇය කියනවා. ඉතින් ඒක ඇය අත්දැකීම් රාශියක් ලබපු තැනක්ලු. ඒ වගේම ඇය ආවේ වේදිකාවට අත්වැල් ගායනයෙන්ලු. ඉතින් එතැනින් පස්සේ චරිත රංගනයටලු. ඒ වගේම ඊට පස්සෙ ප්‍රධාන චරිත රංගනයට පිවිසුණා කියලයි ඇය කියන්නේ. රංජිත් ධර්මකීර්ති තමයිලු ඇයව ඉස්සෙල්ලම වේදිකාවට ගත්තෙ. ඒ හස්තිරාජ මහත්තයා නාට්‍යයෙන්. ඊට පස්සෙ චූලා කාරියවසම්ගේ මනරන්ජන වැඩවර්ජන නාට්‍යයේ ප්‍රධාන චරිතය කළා කියලත් ඇය කියනවා. ඉතින් ඒ ප්‍රධාන චරිතයට පස්සෙ ඇය සමරකෝන්ගේ කැලණි පාලම නාට්‍යයට සම්බන්ධ වුණාලු.

ඊට පස්සෙ එයාගෙ හැම නාට්‍යකටම වගේ ඇයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා කියලයි ඇය කියන්නේ. ඉතින් 1978 ඉඳලා මේ වසංගත සහ අර්බුදකාරී අවුරුදු දෙක හැරුණම අවුරුදු 42ක් ඇය වේදිකාවෙ ප්‍රධාන චරිතයක් රඟ දක්වලා තියෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වගේ ටෙලිනාට්‍ය ගනණාවක් කරන්න ඇයට ලැබුණාලු. ඉතින් ඒ වගේම මේ හැම නාට්‍යකම ඇය ප්‍රේක්ෂකයා අතර අමතක නොවන චරිතයක් ලෙස මතකයේ රැඳෙන දේවල් කරලා තියෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ආපස්සට හැරිලා බලනකොට ඇයගේ ගතවුණ කාලය ගොඩක් හොඳයි කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඉදිරියත් හොඳයි කියලා ඇය හිතෙනවාලු.

ඒ වගේම ඇය හොඳ විවාහ ජීවිතයක් ගත කරලා තියෙනවා කියලත් ඇය කියනවා. ඇයට දුවෙක් ඉන්නවාලු. ඉතින් එයාගෙ ජීවිතයත් සතුටින් ගෙවෙනවා කියලයි ඇය කියන්නේ. ඉතින් අද වන විට ඇයගේ ජීවිතය සම්පූර්ණයිලු. කොහොම නමුත් ඇයගේ සැමියා ආර්. ආර්. සමරකෝන් දිවියෙන් සමුගෙන කියලත් ඇය කියනවා. ඉතින් ඇය තනි වුණත් අද එයා වෙනුවෙන් පින්දහම් කරනවා කියලයි ඇය කියන්නේ. ඒත් එක්කම ඇය ආපු ගමන දිහා ආපහු හැරිලා බලනකොට ඇයට ලොකු සතුටක් දැනෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post මම මුලින්ම වැඩකලේ ප්‍රවෘත්ති නිවේදිකාවක් විදිහට, අදටත් කටහඩින් මාව ඕන කෙනෙක් අඳුරනවා-රම්‍යා වනිගසේකර appeared first on FoxMedia.

Back to top button