දේශීය පුවත්

නිරෝධායන හෝටල් ගාස්තු අඩු කෙරේ

විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමවේදයන් දෙකක් යටතේ මෙරටට ගෙන්වීමට කටයුතු කරඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

නිරෝධායනය සඳහා හෝටල්වලට යොමු කෙරෙන පිරිසට ද යම් ගාස්තු අඩුවීමක් සිදු කිරීමට පියවර ගෙන ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය.

අද උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව පැවසීය.

“විදෙස්ගතව සිටින ශ්‍රී ලාංකිකයන් ක්‍රමවේද 2ක් යටතේ ලංකාවට ගේනවා. විශේෂයෙන් මැදපෙරදිග සිට පැමිණෙන ලාංකිකයන්ට තමයි මේ ප්‍රශ්නය වැඩිපුරම බලපාලා තිබුණේ. එකක් තමයි රජයේ මැදිහත්වීමෙන් සූදානම් කරපු ගුවන්යානා දිනකට එක බැගින් ශ්‍රී ලාංකිකයන් රැගෙන ඒම. ඒවගේම විවිධ රටවල්වලින් විවිධ ගුවන්යානා සමාගම්වලින් ගුවන් යානා ලංකාවට පැමිණෙනවා. ඒ පැමිණෙන ගුවන්යානාවලත් ශ්‍රී ලාංකිකයන් 75කට ආසන්න සංඛ්‍යාවක් රැගෙන ඒමට අපි අවසර දීලා තියෙනවා. මෙන්න මේ එන්නේ හෝටල්වලට එන්න ඕන කට්ටිය. 300ක් විතර ගේන්න පුළුවන් ගුවන් යානයක තමයි 50ක් 75ක් ගේන්නේ. මෙන්න මේ නිසා වෙන්න ඇති ටිකට් පත වැඩි ගණනකින් ගන්න වෙලා තිබුණේ. අපි පැහැදිළිව දැනුම්දීලා තියෙනවා අපේ ජනතාවට මේක කරන්න එපා කියලා. දැන් යම්කිසි ආකාරයකින් අඩු කිරීමක් තිබෙනවා. අනික් කරුණ තරු 4 සහ තරු 5 හෝටල්වලට 7,500යි 12,500යි කියලා දුන්නා. පසුකාලීනව අනෙක් හෝටලුත් ඉල්ලුවා නිරෝධායනය කරන්න. ඊට පස්සෙ තමයි ප්‍රශ්න ඇති වෙන්න ගත්තේ. ඊයේ දිනයේ අපිට හෝටල් හිමියන් ගණන් දීලා තිබුණා. තරු 5, තරු 4, තරු 3 සහ ඊට පල්ලෙහා හෝටල්වල. අපි කළ සාකච්ඡා අනුව හෙට හෝ අනිද්දා අය කරන ගාස්තු අඩු කිරීමක් ලැබෙයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button