දේශපාලන පුවත්

මැතිවරණ ව්‍යුවහ ප්‍රතිසංස්කරණයට පක්ෂ 21 කින් යෝජනා

මැතිවරණ හා ඡන්ද විමසීම් ව්‍යුවහයේ ප්‍රතිසංස්කරණය සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිළිගත් දේශපාලන පක්ෂ 21 කින් යෝජනා ලැබී තිබෙනවා.

මහජනතාව සහ සිවිල් සංවිධාන වලින් යෝජනා 155 ක්ද ඒ සඳහා ලැබී ඇතැයි සඳහන්.

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට අදහස් හා යෝජනා ලබා ගැනීමට ලබා දුන් කාලය පසුගිය 15 වැනිදායින් අවසන් වුණා.

ඒ අනුව යෝජනා ඉදිරිපත් කල පක්ෂ අතරට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ , සමඟි ජන බලවේගය , එක්සත් ජාතික පක්ෂය , ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු පක්ෂ 21 ක් ඇතුළත්.

අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ලබන 28 වැනිදා යළි රැස්වීමට නියමිතයි.(colombotimes.lk)

Back to top button