මම අවුරුදු 28ක් ගුරුවරයෙක් විදිහට වැඩ කළා, මගේ බිරිදත් ගුරුවරියක්-ජනප්‍රිය නළු ප්‍රියන්ත සෙනෙවිරත්න

අපේ කළා ක්ෂේත්‍රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පියෙක් තමයි ප්‍රියන්ත සෙනෙවිරත්න කියලා කියන්නේ. ඉතින් ඔහු මේ දිනවල කියා දෙන්න ආදරේ තරම්, දෙකඩ කඩ, අමරබන්දු රූපසිංහ සහ රේස් කියන ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඉතින් ඔහු පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහුගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියනවා අපට දැකගන්න ලැබුණා.
ඉතින් ඒ වගේම ඔහු වේදිකා නාට්‍යවලට නම් කාලෙකින් ගියේ නැහැලු. ඒ දැන් තියන කාර්යබහුලතාවය නිසා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ වගේම පහුගිය දවසක ඔහු උදව්වක් හැටියට චවුද්‍රි වේදිකා නාට්‍යයේ චරිතයක් රඟපෑවා කියලත් ඔහු කියනවා. එම නාට්‍යයේ රංගන ශිල්පියෙක් හදිසියේ නැති උන නිසා එයාගෙ චරිතය රඟපාන්න වුණාලු හදිසියේම. ඉතින් ඒ ඇරෙන්න මෑතකදී වේදිකා නාට්‍යවලට ගියේ නැහැ කියලයි ඔහු කියන්නේ.

ඉතින් ඒ වගේම ඔහු දකුණු කොළඹ විද්‍යා විද්‍යාලයේ ගුරු වසර විසි අටක් ගුරුවරයකු විදිහට සේවය කළා කියලත් ඔහු කියනවා. ඉතින් එක දිගටම වැඩ කරපු නිසා විශ්‍රාම ගන්න ඕන කියලා ඔහු හිතුවාලු. ඉතින් ඒ නිසාම මීට අවුරුදු දෙකකට කලින් ඔහු විශ්‍රාම ගියාලු. නමුත් මෑතකදී මුහුණු පොතේ වැරදි ආරංචියකුත් ගියා. ඉතින් ඔහු සහකාර විදුහල්පති කෙනෙක් හැටියට ඉඳලා තමයිලු විශ්‍රාම ගත්තේ. ඔහු කළා ක්ෂේත්‍රයට ආපු මුල් කාලේ එතරම් ජනප්‍රිය වෙලා හිටියේ නැති නිසා පොඩි පොඩි ප්‍රශ්න තිබ්බා කියලයි ඔහු කියන්නේ. එතකොට රංගනයට ලොකු සහයක් ලැබුණේත් නැහැලු.
ඉතින් පසුකාලීනව අධ්‍යාපන දෙපාර්තමේන්තුවල හිටපු නිලධාරින්, ඔහුගේ පාසලේ විදුහල්පතිවරු, ගුරුවරු සියලු දෙනාම ඔහුට උදව් කළාලු. ඒ වගේම ඒගොල්ලො දැන ගත්තාලු ඔහු මොකද්ද කරන්නෙ කියලා. කලා ක්ෂේත්‍රය ඔහුට අත්‍යවශ්‍යයි කියලා. ඉතින් ඒක තේරුම් ගත්ත බොහෝ දෙනෙක් ඔහුට ගොඩක් උදව් කළා කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒක නිසාම තමයිලු ඔහුට අවුරුදු 28ක් එකම පාසලේ ඉන්නත් ලැබුණේ. සාමාන්‍යයෙන් එහෙම ඉන්නවා අඩුයි කියලයි ඔහු කියන්නේ. ඉතින් කොහේ ගියත් ඉස්කෝලෙ හිටපු ශිෂ්‍යයන් අදටත් ඔහුට හම්බෙනවාලු හැම තැනම.
ඉතින් ඒ වගේම ඔහුගේ බිරිඳත් ගුරුවරියක් කියලයි ඔහු කියන්නේ. ඉතින් එයත් ගොඩක් වැඩ කරනවාලු මහන්සි වෙලා. ඒ වගේම දුවයි පුතයි තාම ඉගෙන ගන්නවා කියලත් ඔහු කියනවා. ඉතින් එයාලගේ වැඩ කටයුතු වලට සෑහෙන්න සම්බන්ධ වෙන්න ඕනෙ කියලා තමයිලු ඔහු විශ්‍රාම ගත්තෙත්. ඉතින් ඒ වගේම ඔහුගේ ගෙදර නිතරම පිරිස ගැවසෙන තැනක් කියලත් ඔහු කියනවා. මොකද ඔහුගේ ගෙදර සංගීත පන්තියක් තියෙනවාලු. ඉතින් පුතාලගේ දුවලගේ යාලු මිත්‍රයෝ එන නිසා හැමෝම හරිම විනෝදයෙන් තමයිලු ඉන්නෙ. ඉතින් ඒ වගේම ඔහු දැන් කළා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු 37ක් විතර වෙනවාලු. ඒ වගේම ඔහු ආපු කාලෙ ඉදන්ම ඔහු කරපු චරිත වලට ලොකු ප්‍රතිචාර තියෙනවා කියලත් ඔහු කියනවා.
ඉතින් ඒ වගේම දෙස් විදෙස් කොහේ ගියත් ඒ චරිත පහුගිය ඒවා ඔහුට අමතක වෙන ඒවත් මතක් කරලා කියන අවස්ථා තියෙනවාලු. ඉතින් ඒක ඔහුගේ හැකියාවට හා ඔහුගේ රංගන කුසලතාවට ඔහුගේ අධ්‍යක්ෂකවරු ලබා දුන්න ලොකු අවස්ථාවක් කියලයි ඔහු කියන්නේ. ඉතින් ඒ අවස්ථාව ඔහු හරියාකාරව කරපු නිසා ලොකු ප්‍රේක්ෂක සංඛ්‍යාවක් ඉන්නවා කියලත් ඔහු කියනවා. ඉතින් කොහේ ගියත් ඔහු තනිවෙන්නේ නැහැලු. ඒ වගේම පාලුවක් දැනෙන් නැහැ කියලයි ඔහු කියන්නේ. ප්‍රේක්ෂක ආදරය අඩුවක් නැතුව ඔහු ලබනවාලු. ඉතින් ප්‍රේක්ෂකයෝ නැත්නම් කලාකරුවාට පැවැත්මක් නැහැ කියලයි ඔහු අවසාන වශයෙන් පවසලා තිබුනේ.

The post මම අවුරුදු 28ක් ගුරුවරයෙක් විදිහට වැඩ කළා, මගේ බිරිදත් ගුරුවරියක්-ජනප්‍රිය නළු ප්‍රියන්ත සෙනෙවිරත්න appeared first on FoxMedia.