අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරේ
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් ජුනි මස සිට සියයට පනහකින් කපා හැරිමට තීරණය කර තිබෙනවා.
රට මුහුණ දී සිටින ආර්ථික අහේනිය ගැන සලකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් අනුව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒ්කනායක මහතා මෙම පියවර ගෙන තිබෙනවා.
මෙම වසරේ ජනවාරි මාසයේ සිට අග්‍රාමාත්‍ය කාර්යාලයේ නඩත්තුව සඳහා ගිය වියදම පහතින්.,
1) ජනවාරි මස රුපියල් මිලියන 92ක්.
2) පෙබරවාරි මස මිලියන 99ක්.
3) මාර්තු මස මිලියන 226ක්.
4) අප්‍රේල් මස මිලියන 75ක්
ඒ අනුව රටේ ආර්ථික අර්බුදයක් පවතින අවස්ථාවක අග්‍රාමාත්‍ය කාර්යාලය සිය වියදම් කපා හැර අනෙකුත් රජයේ කාර්යාලවලටද ආදර්ශයක් දිය යුතු බව අගමැතිවරයාගේ අදහස වී තිබෙනවා.
එමෙන්ම අග්‍රාමාත්‍ය කාර්යාලයේ සේවය සඳහා වෙනත් රජයේ ආයතනවලින් අනුයුක්ත කර සිටි සේවකයින් 26 දෙනෙක් ආපසු මුල් ආයතනවලට යවා තිබෙනවා.
වෙනත් රජයේ ආයතනවලින් ලබා ගෙන තිබූ වාහන 16 ක්ද ආපසු බාර දී ඇති බව සඳහන්.
එමෙන්ම කුඩා සේවක මණ්ඩලයක් සහ සීමිත සම්පත් මගින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ රාජකාරී කටයුතු සිදු කිරීමටද සැලසුම් කර තිබෙනවා. (colombotimes.lk)


The post අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් කපා හැරේ appeared first on Colombo Times.