ජනාධිපති පළමු පදවි ප්‍රාප්තිය අදයි – රාත්‍රියේ ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර අද සම්පූර්ණ කෙරෙනවා.
පසුගිය වසරේ නොවැම්බර් 16 පැවති ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ තේරී පත්වන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ විධායක ජනාධිපති ධූරයට තේරී පත් ප්‍රථම වෘත්තීමය නොවන දේශපාලනඥයා මෙන්ම එම ධූරයට පත් වූ ප්‍රථම හිටපු හමුදා නිලධාරියා බවටද පත්වෙමින්.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස, ජනාධිපතිවරණයේ දී ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාවෙන් 52.25% ක ප්‍රතිශතයක් ලබාගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ සිය සමීපතම ප්‍රතිවාදියාට වඩා වැඩි ඡන්ද මිලියන 1.3ක් ලබා ගැනීම ද විශේෂත්වයක්.

නොවැම්බර් 18 වන දින අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි මහ සෑරඳුන් ඉදිරිපිට දී ජනාධිපතිවරයා සිය ධූරයේ දිව්රුම් දුන්නා.
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය පෙරදැරිව ජනාධිපති ධුරයේ සිය මෙහෙවර අරඹන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගෙවුණු වසරක කාලය තුල රටේ ආරක්ෂක, සමාජයීය, ආර්ථික, මෙන්ම ක්ෂේත්‍ර රැසක ප්‍රගමනය වෙනුවෙන් සිය තීන්දු තීරණ ක්‍රියාත්මක කරන්නේ කොරෝනා අභියෝගය මධ්‍යයේයි.
මේ අතර, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය මීට පෙර නිවේදනය කළා.
මේ අතර, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ඡන්ම දිනය ද අදට යෙදී තිබෙනවා. කොළඹ සහ ගම්පහ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉදිකරනු ලැබූ කැළණි දකුණ ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර ජනතා අයිතියට පත් කිරීමද අද සිදු කෙරෙන්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
ඒ, බියගම – පට්ටිවිලදීයි. මෙමගින් කැළණිය, පෑලියගොඩ, බියගම, කඳාන, පමුණුගම, කටුනායක, කටාන, මහර, මෙන්ම කඩවත, රාගම, වැලිසර, ජා-ඇල, ඒකල යන ප්‍රාදේශීය කොට්ඨාශවල ජනතාවට ජලය ලබාදීමට නියමිතයි.