දේශීය පුවත්

පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට සැළසුමක්

කොවිඩ් -19 අවදානමක් නොමැති ප්‍රදේශවල පෙර පාසැල් සහ පාසැල්වල ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමට සැළසුම්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසයි.

ඔහු ප්‍රකාශ කළේ සෞඛ්‍ය අංශ සහ අධ්‍යාපන බලධාරීන් සමග සාකච්ඡා කර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව ජාතික වැඩපිළිවෙලක් යටතේ පෙර පාසැල් සහ ප්‍රාථමික ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බවය.

AV Rase

“ඉතාමත් කෙටි කාලයක් ඇතුළත පෙර පාසැල් ආරම්භ කරන්නටත් පාසැල් ප්‍රාථමික ශ්‍රේණි ආරම්භ කිරීමටත් සැළසුම් සකස් කරනවා. ඒ වගේම සුබවාදී ආරංචියක් කියන්න ඕනේ. පෙර පාසැල් ජාතික ප්‍රතිපත්තිය තව සති 03ක් 04ක් ඇතුළත ජනාධිපතිවරයා වෙත භාරදීමට සූදානමින් ඉන්නවා,” යනුවෙන් ද රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button