දේශීය පුවත්

බස්නාහිර පළාතේ පෙරපාසල් මාර්තු 29 ඇරඹේ

බස්නාහිර පළාතේ සියලූම පෙරපාසල් එළඹෙන මාර්තු මස 29 වන දින ආරම්භ වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.ඒ සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අනුමැතිය හිමිවී ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලුම පාසල්වල සියලුම ශ්‍රේණි මාර්තු මස 29 වන සඳුදා සිට ආරම්භ කිරීමට නියමිතය.මීට පෙර බස්නාහිර පළාතේ සියලු පාසල්වල සියලු ශ්‍රේණි අප්‍රේල් මස 19 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබුණි.මාර්තු 15 වනදා සිට බස්නාහිර පළාතේ 5, 11 සහ 13 යන ශ්‍රේණි සඳහා පමණක් අධ්‍යයන කටයුතු ආරම්භ කෙරුණි.

Leave a Reply

Your email address will not be published.

Back to top button