ගොසිප් පුවත්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් ආසාදිත දෙවන ක්‍රීඩකයා හඳුනාගැනේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම Covid-19 සඳහා ධනාත්මක බවට පරීක්‍ෂා කර තිබෙනවා.

ඊයේ උදෑසන සිදුකළ (Rapid Antigen Test) හරහා මේ බව තහවුරු කරගෙන තිබෙනවා.

ඒ අනුව ජයවික්‍රම වහාම කණ්ඩායමේ සෙසු සාමාජිකයින්ගෙන් හුදකලා වී තිබෙන අතර ඔහු දින 5 ක් ස්වයං නිරෝධයනයේ නිරත වනු ඇති.

ජයවික්‍රම, Covid Positive ලෙස හඳුනාගැනීමෙන් පසු, කණ්ඩායමේ සෙසු සාමාජිකයන් (ක්‍රීඩකයන් සහ සහායක කාර්ය මණ්ඩලය) වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණයකට භාජනය කළ අතර ඔවුන් සියල්ලන්ම ඍණාත්මක ප්‍රතිඵල ලබා දුන් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

පසුගිය ජුලි 01 වනදා COVID 19 වැළඳීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් පළමු ටෙස්ට් තරගයෙන් ඉවත්වුණා.
(colombotimes.lk)

Viber
colombotimes.lk

The post ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොවිඩ් ආසාදිත දෙවන ක්‍රීඩකයා හඳුනාගැනේ appeared first on Colombo Times.

Back to top button