ගොසිප් පුවත්
හෙට විදුලි කප්පාදුව සිදුවන හැටි

හෙට (18) දිනයේ දී පැය 03යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සඳහා අනුමැතිය ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කලාප සඳහා උදෑසන 9:00 ත් සවස 2:00 ත් අතර පැය 02ක කාලයක් විදුලිය කප්පාදු කෙරෙනවා.
එමෙන්ම සවස 5:00 ත් රාත්රී 10:00 ත් අතර කාලය තුළ එම කලාපයන් වලට පැය 1යි මිනිත්තු 40ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතයි.
මේ අතර CC කලාප ලෙස හැඳින්වෙන කොළඹ මහනගර සභාවට අයත් කලාපය සඳහා උදේ 6:00 ත් 9:00 ත් අතර කාලය තුළ පැය 03ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා.
තවද N,M,O,X,Y,Z යන කලාප සඳහා උදේ 5:00 ත් 8:00 ත් අතර පැය 03ක කාලයක් විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
(colombotimes.lk)

The post හෙට විදුලි කප්පාදුව සිදුවන හැටි appeared first on Colombo Times.