ගොසිප් පුවත්

ඉන්ධන ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට මැලේසියාවෙන් යහපත් ප්‍රතිචාර

ඉන්ධන මිලදී ගැනීම සඳහා මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අනාවරණය කළා.

ඒ ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා මැලේසියානු අග්‍රාමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව බවයි ඔහු පැවසුවේ.

ඒ අනුව පෙට්‍රල් මෙට්‍රික් ටොන් 50,000ක් සහ භූමිතෙල් මෙට්‍රික් ටොන් 10,000ක් මැලේසියාවෙන් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවයි ඊයේ (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ.

පළමු ඉන්ධන තොග දෙක සඳහා ශ්‍රී ලංකා රජය විසින් ගෙවීමක් කළ යුතු බව ද අමාත්‍යවරයා පැවසුවා.

අවශ්‍ය යාත්‍රා සොයා ගැනීම අපහසු වී ඇති බැවින් පෙට්‍රල් තොගය මෙට්‍රික් ටොන් 30,000 සහ 20,000 බැගින් තොග දෙකකට බෙදා කුඩා නැව් දෙකක් හරහා ප්‍රවාහනය කිරීමට තීරණය කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා හැකි ඉක්මනින් ගනුදෙනුව අවසන් කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)

Viber
colombotimes.lk

The post ඉන්ධන ගැනීමට ශ්‍රී ලංකාව කළ ඉල්ලීමකට මැලේසියාවෙන් යහපත් ප්‍රතිචාර appeared first on Colombo Times.

Back to top button