දේශීය පුවත්

ලොහාන් ගැන තීන්දුව ගන්න පොහොට්ටු ලොක්කෝ රැස්වෙති.. අන්තිම තින්දුව අගමැති අතේ..!

බන්ධනාගාරවලට ඇතුළු වී සිරකරුවන්ට ත’ර්ජනය කළේ යැයි චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මධ්‍යම කමිටුව රැස්වීමට නියමිතව තිබේ.

එම සාකච්චාවෙන් පසු සුදුසු පියවරක් ගන්නා බව පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසීය.

ඉතාලි සංචාරක නිරතවන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙරටට පැමිණීමෙන් පසු මධ්‍යම කමිටුව රැස් වීමට බලාපොරොත්තු වන බවද ලේකම්වරයා පැවසීය.

. කලබැගෑනිය සත්‍ය එකක් – විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වී සිදු කර ඇතැයි කියන කලබැගෑනිය සත්‍ය එකක් බව විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තියා සිටිති.

අදාළ සිදුවීම ගැන සොයා බැලීම සඳහා එම බන්ධනාගාරයට ගිය මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, කාවින්ද ජයවර්ධන, රෝහන බණ්ඩාර යන මන්ත‍්‍රීවරන් කියා සිටියේ බී’මති’න් බන්ධනාගාරයට ඇතුළු වි ඇති අමාත්‍යවරයා සි’ර’කරු’වන්ගේ හිසට තබා ත’ර්ජ’නය කර ඇති බවයි.

උ’ණ්ඩ ලෝඩ් කරන ලද පි’ස්තෝ’ලය ඒ මොහොතේ ක්‍රියාත්මක නොවූ බවත් බන්ධනාගාර නිලධාරින් විසින් තමන් බේරා ගත් සිරකරුවන් පැවසූ බවද ඔවුන් කියා සිටියහ.

Back to top button