අරුන්දික ප්‍රනාන්දුගේ “පයිලට් කතාව” ගැන නිවේදනයක්

පසුගියදා ඇතිවූ ප්රචණ්ඩ ක්‍රියාවලදී මැර පිරිසක් විසින් සිය නිවසට ගිනි තැබීම හේතුවෙන් තම නිවස සහ ගුවන් හමුදාවේ පියාසර කළ ලිපි ඇතුළු වැදගත් ලියවිලි විනාශ වූ බව හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා ඊයේ (20) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා සඳහන් කළේ මන්ත්‍රීවරයා ගුවන් හමුදාවේ සේවය කළ බවට කිසිදු තොරතුරක් ගුවන් හමුදා ලේඛණවල නොමැති බවයි.
නමුත් මන්ත්‍රීවරයා ගුවන් නියමුවන් බඳවා ගැනීමේ ශක්‍යතා පරීක්ෂණයට මුහුණ දීමට සහභාගිවී තිබෙන බවත් එහිදී ඔහු ඉන් අසමත් වී ඇති බවත් ඔහු සඳහන් කළා.
මේ අතර අරුන්දික ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා ගුවන් සමාගමේ ගුවන් නියමුවෙක් වශයෙන් සේවය කර නොමැති බවද ශ්‍රී ලංකා ගුවන් සේවා ගුවන් නියමුවන්ගේ සංසදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා. (colombotimes.lk)



The post අරුන්දික ප්‍රනාන්දුගේ “පයිලට් කතාව” ගැන නිවේදනයක් appeared first on Colombo Times.