ෆයිසර් එන්නත මෙරට භාවිතයට අනුමැතිය – ඇස්ට්‍රාසෙනෙකා සොයා ගැනීමේ අර්බුදයක්

ෆයිසර් එන්නත රටතුළ භාවිත කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ උපදේශක මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.රාජ්‍ය ඇමැතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ඒ බව පවසා සිටියාය.ඒ අනුව එන්නත් මාත්‍රා මිලියන 5ක් ආනයනය කිරීමට මේ වනවිට කටයුතු කරමින් පවතින බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.ඇස්ට්‍රාසෙනෙකා එන්නත සොයා ගැනීමේ දැඩි අර්බුදයක් මේ වනවිට මතුව ඇති බවද ඇය පවසන්නීය.

“අද අපිට ඇස්ට්‍රාසෙනෙකා එන්නත සොයා ගැනීම අපහසු වෙලා තියෙනවා. මුදල් තිබුණත් ගන්න බැරි ප්‍රශ්නය තියෙනවා. ඉන්දියාවේ වර්තමාන තත්ත්වයත් සමග සීරම් ආයතනයට ඔවුන්ගේ සැපයුම් දීගන්න බැරිවෙලා තියෙන්නෙ. සීරම් ආයතනයේ සභාපති රටෙන් පැනලා. ඔහුට තියෙන මරණ තර්ජන නිසා. ලෝක සෞඛ්‍ය සංවිධානයත් මේ වෙලාවේ අර්බුදයක ඉන්නේ.”

ගැබිණි කාන්තාවන් සහ දරුවන් සඳහා සුදුසු කොවිඩ් මර්දන එන්නතක් මෙතෙක් සොයාගෙන නොමැති බවද රාජ්‍ය ඇමතිනීය පැවසුවාය.ඒ සඳහා ලෝකයේ නිර්දේශිත එන්නතක් තවමත් නොමැති බව රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version