දේශීය පුවත්
පර්ල් නිරීක්ෂණය අද ඇරඹේ

එම්.වී එක්ස්ප්රස් පර්ල් නෞකාවේ මුහුදු පතුලේ ගිලී ඇති කොටස නිරීක්ෂණය කිරීම අද ආරම්භ වනවා.
ඒ, නෞකා ගින්නෙන් සාගර පතුලට සිදුවූ හානි ගවේෂණය සඳහා මෙරටට ළඟා වී ඇති ඉන්දීය වෙරළ ආරක්ෂක බලකායට අයත් විශේෂ නෞකාව යොදා ගනිමින්.
ඒ අනුව අදාළ නෞකාව විසින් මීගමුව සිට පානදුර දක්වා මුහුදු ප්රදේශයේ සාගර පතුල ගවේෂණය කිරීමට නියමිතයි.