දේශීය පුවත්

PCR සරල පරීක්ෂණයක්, වේදනාවක් නෑ -වෛද්‍ය ජයරුවන් බණ්ඩාර

පීසීආර් පරීක්ෂණ සිදුකිරීමේ දී අධික වේදනාවක් දැනෙන බවට පළ වන වාර්තා අසත්‍ය බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසයි.

ඊයේ (14)  රාත්‍රීයේ “ටීවි දෙරණ“ ඔස්සේ විකාශය වු “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහන සමග එක්වෙමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා මෙම අදහස් පළ කළේය.

“ලෝකයේ පීසීආර් පරීක්ෂණ මිලියන ගාණක් කරලා තියෙනවා. මේක එහෙම වේදනා දෙන එකක් නෙමෙයි. ඒකට හේතුව තමයි මමත් පීසීආර් පරීක්ෂණයට ලක්වෙලා තියෙනවා. යම් කිසි අපහසුතාවයක් තියෙනවා. පොල් කෙන්දක් නහයේ දැම්මත් පොඩි අපහසුතාවයක් තියෙනවානේ. නමුත් ඒක දරා ගන්න බැරි එකක් නෙමෙයි. බය වෙන්න කාරණාවකුත් නෙමෙයි. බොහෝම සරල ක්‍රියාවක්. ඇත්තටම මම ඒක කරේ මේ කාරණයේ ඇත්ත නැත්ත හොයා ගන්න ඕන නිසා. එහෙම නැතුව මට රෝගය ගැන සැකහිතිලා නෙමෙයි. පීසීආර් පරීක්ෂණයට සාම්පල් එක අරගෙන මම බැලුවා….“

“සමාජ ගතවෙලා කියන්නේ නැති වෙන්න ප්‍රධානතම හේතුව තමයි අලගිය මුලගිය තැන් මේ රෝගීන් හොයා ගන්න පුළුවන් කියන එක. ආසාදිතයෙක් හම්බවුණාම ඒ ආසාදිතයාගේ ආශ්‍රිතයින් හොයා ගෙන ගිහින් මේ ආශ්‍රිතයින්ගේ මූලය අපේ 33  වන පොකුරට සම්බන්ධ කරන්න පුළුවන් නම්,  අපි තාමත් ආසාදිතයාට විෂබීජය ආසාදනය වුණ ආකාරය ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒක තමයි වසංගත රෝග විද්‍යා අංශයේ නිර්ණායකය. මේ අවස්ථාවේ දී අපිට හම්බවෙලා තියෙන කොවිඩ් පොකුර තාම සමාජ ගතවෙලා නෑ. දැන් මේ අවස්ථාව වෙනකොට 1660ක් විතර මේ පොකුරේ රෝගීන් ඉන්නවා. හැබැයි අපි තාම එක පුද්ගලයෙකුවත් දැඩිසත්කාර ඒකකයට යන්න අවශ්‍යතාවයක් තියෙන මට්ටමට මේ විෂබීජ ආසාදනය වැඩි වෙච්ච රෝගියෙක් තවම හම්බ වෙලා නෑ මේ පොකුර තුළත්. අද වන විට දැඩි සත්කාර ඒකකයේ කිසිදු රෝගියෙක් වාර්තා වෙන්නේ නෑ“

Leave a Reply

Your email address will not be published.

Back to top button