දේශීය පුවත්
PCR පරීක්ෂණයට ලක් කළ රැඳවියා මිගමුව රෝහලේ 08 වන මහලෙන් ඇඳ වැටී මරුට

හෙරොයින් වරදකට සම්බන්ධව බන්ධනාගාර ගත කර සිටි රැඳවියෙක් කොරෝනා වෛරසය වැළඳී ඇත්දැයි PCR පරික්ෂා කිරීම සඳහා රැගෙන යාමේදී රෝහලෙන් පැන යාමට උත්සහ කිරීමේදී එහි 8 වන මහලෙන් ඇඳ වැටී ජිවිතක්ෂයට පත්ව තිබේ.
අදාළ රැඳවියා PCR පරීක්ෂණය සඳහා මීගමුව බන්ධනාගාරයේ සිට මිගමුව රෝහලට මාරු කර යවා ඇති බවය.

පසුගිය 12 වනදා ශ්වසන මාර්ගයේ ඇතිවූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මිගමුව බන්ධනාගාරයේ සිට රෝහලට රැගෙන විත් තිබුණා.
එම රැඳවියා බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක්ගේ ආරක්ෂාව යටතේ රෝහල වෙත ඇතුලත් කර ඇත.
ඊයේ රාත්‍රීයේ රැඳවියා අතුරුදහන් බවට වාර්තා වීමත් සමඟ පොලීසිය සහ රෝහලේ ආරක්ෂක නිලධාරීන් පරික්ෂා කර තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ රැඳවියා බිමට ඇඳ වැටී මියගොස් ඇති බවටය.
මියගිය රැඳවියා වයස අවුරුදු 34ක් පමණ අතර ඔහුගේ PCR පරීක්ෂණ වාර්තාවේ ප්‍රතිඵල අද දිනයේ ලැබීමට නියමිතයි.