දේශීය පුවත්
රුපියල් 5,000 දීමනාව ලබාදීම අප්‍රේල් 12 සහ 13

අඩු ආදායම්ලාභීන් සහ සමෘද්ධිලාභීන් වෙනුවෙන් ලබාදීමට තීරණය කළ රුපියල් 5,000 දීමනාව එළඹෙන 12 සහ 13 යන දිනවලදී ලබාදීමට තීරණයකර තිබේ.අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් රජය මගින් මෙම දීමනාව ලබාදීමට සැලසුම්කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේය.ඒ අනුව එම 5,000 දීමනාව සමෘද්ධි බැංකු හරහා ලබාදෙනු ඇති.