ගොසිප් පුවත්

රෝහල් වෙත රෝගීන්ගේ පැමිණීම 40%කින් අඩුවේ

කොළඹ ජාතික රෝහල, අපේක්ෂා රෝහල, මාළිගාවත්ත වකුගඩු රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල ආදී රෝහල් රැසක බාහිර රෝගී අංශයෙන් සහ සායනවලින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ විශාල අඩුවක් දක්නට ලැබෙන බව වාර්තා වනවා.

ඒ අනුව රෝහල් වෙත රෝගීන්ගේ පැමිණීම සියයට 40කින් පමණ අඩුවී තිබෙනවා.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා පැවසුවේ රෝහල්වලට රෝගීන් පැමිණීම මෙන්ම රසායනාගාර පරීක්‍ෂණ පැවැත්වීම ද අඩුවී ඇති බවයි.

රෝහල්වලට පැමිණීමට ප්‍රවාහන පහසුකම් ලබාගත නොහැකිවීම, රෝහල්වල පවතින ඖෂධ හිඟය හෝ ජනතාවට ඇති ප්‍රශ්න සමඟ සෞඛ්‍ය සම්බන්ධයෙන් නොසිතීම නිසා මෙසේ රෝගීන් පැමිණීම අඩුවී තිබෙන බව ඔහු සඳහන් කළා. (colombotimes.lk)

Viber
colombotimes.lk

The post රෝහල් වෙත රෝගීන්ගේ පැමිණීම 40%කින් අඩුවේ appeared first on Colombo Times.

Back to top button