ආසන ගණනට පමණක් මගීන් රැගෙනයාම කළ යුතුයි – පොලිසිය

පොදු මගී ප්‍රවාහන බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙනයාම කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අනුව එය ක්‍රියාත්මක විය යුතු බවය.
එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා,
“පොදු ප්‍රවාහන සේවාවල සහ පාසල් ප්‍රවාහන සේවාවල සෞඛ්‍ය රීති අනුගමනය නොකරන බවට සිවිල් ඇඳුමෙන් සැරසුන නිලධාරීන් විසින් තොරතුරු ලබාගෙන වාර්තාකර තිබෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් විශේෂ මෙහෙයුමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන් ගිය වසරේ නිකුත්කරල ලද ගැසට් නිවේදනයට අනුව පොදු ප්‍රවාහන සේවාවක ගමන්කළ හැක්කේ ආසන ගණන පමණයි. ඊට පරිබාගිරව කටයුතු කරන්නේ නම් බස් රථයේ හිමිකරුට, බස් රථය හිමි සමාගමට, රියදුරුට සහ සහයකයා වරදකරු කිරීමට හැකියාවක් තියෙනවා. අපි ඉදිරියෙදී ඒ කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.“