Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
දේශීය පුවත්

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා – චීනයේ ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ධජය සහිත පාපිස්නා නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව අවධානයෙන් සිටින බව චීනය පවසයි.ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වාදෙන්නේ ජාතික ධජවලට පූර්ණ ගෞරවය දැක්විය යුතු බවය.

චීනය දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සාමය සමෘද්ධිය සහ අභිමානය වෙනුවෙන් කැපවී සිටින බව ද චීන තානාපති කාර්යාලය පවසයි.ජාතික ධජය ඇතුළත් කර පාපිස්නා සහ පාවහන් නිෂ්පාදනය කර අන්තර්ජාලය ඔස්සේ භාණ්ඩ අලෙවිකරන වෙබ් අඩවියක ප්‍රදර්ශනය තිබේ.

අදාළ භාණ්ඩ නිෂ්පාදකවරයා චීනයේ වන අතර ඒ සම්බන්ධයෙන් සොයා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍යාංශය බීජිංහි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ඊයේ (12) දිනයේ දැනුම්දීමක් කරනු ලැබීය.ඊට අමතරව අදාළ භාණ්ඩ අලෙවිකරන ඇමසොන් වෙබ් අඩවියේ මූලස්ථානය පිහිටා ඇත්තේ අමෙරිකාවේ වන බැවින් ඒ පිළිබඳව සොයාබලන ලෙස වොෂිංටන්හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ද විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දී ඇති බව වාර්තා වෙයි.

News Writer

Recent Posts

මම දසමාසේ කියලා අපේ ආච්චිටත් වදිනවා, මම කොච්චර ලොකු වුනත් තවමත් එයාට මම චූටි දුව

සරාගී චරිත වගේම විවිධාංග වූ චරිත හරහා අපි අතරට එන ඇය චුලක්ශි රණතුංගයි. සිනමාව තුල…

2 months ago

कम्युनिटी शिल्ड : लिभरपुललाई हराउँदै आर्सनल च्याम्पियन

प्रिमियर लिगको साविक विजेता लिभरपुललाई हराउँदै आर्सनलले कम्युनिटी शिल्डको उपाधि जितेको छ।सिजनको लिग सुरु हुनु…

3 months ago

वर्षा बाधक बन्दा नेपाल एसिया कपमा छनोट हुन बञ्चित

मलेसियामा जारी एसीसी महिला टी–२० च्याम्पियनसिपअन्तर्गत नेपाल र युएईबीचको पहिलो सेमिफाइल खेल वर्षाका कारण रद्द…

3 months ago

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය…

3 months ago

මම පවුල් 200කට හාල් බෙදලා දුන්නා, සමාජ සේවයේත් යෙදෙනවා හැබැයි දේශපාලනයට එන්න එහෙම නෙමෙයි – මිෂෙල් දිල්හාරා

සල්සපුනා නාට්‍යයේ පත්තරකාරී, සුදු ඇදගෙන කලු ඇවිදින් නාට්‍යයේ අයෝමා, කැන් යූ හියර් මී මහිම් වගේම…

4 months ago

ලෝක කුසලානය දසුන් උස්සනවා බලන්න මම හරි ආසයි, ඔහුව මට ලැබුනේ වාසනාවට-දස්සාගේ ආදරණීය බිරිඳ

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන දක්ෂ පිති කරුවෙක්,…

4 months ago