දේශීය පුවත්

ජනපතිට ඉල්ලා අස්වන්නැයි බල කරමින් පලස්තීනයේ විරෝධතාවක්

පොලිස් අත්අඩංගුවේ පසුවූ සමාජ ක්‍රියාකාරියෙකු මියයාම හේතුවෙන් ජනාධිපති මහමුද් අබ්බාස්ට ඉල්ලා අස්වන්නැයි බල කරමින් පලස්තීන වැසියන් විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා.

විරෝධතාකරුවන් පවසන්නේ ජනතා අවශ්‍යතා පිළිබිඹු වන සැබෑම දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බවයි.

මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක අංශ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී පුද්ගලයින් 20ක් තුවාල ලබා ඇති බවයි.

Back to top button