ගොසිප් පුවත්

අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම

කාලයක් ජනප්‍රියම නිලිය සම්මානය ලබා ගත් නමුත් අද වෙනකම්ම වැඩිය නිර්මාණවල දකින්න නොලැබුණත් ඒ ජනප්‍රියත්වය අඩු නැතුව ලැබුණු කෙනෙක් තමයි ඕෂධී හේවාමද්දුම. ඉතින් ඇය මේ දිනවල හිරු නාලිකාවේ විකාශය වන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ දැක ගන්න පුලුවන්. එය මීට කකින් වෙනත් කෙනෙක් කරපු චරිතයක් නිසාවෙන්ම ඕෂධීට මෙය ලොකු අභියෝගයක් වුණා. ඒ වගේම ඇය ඒ අභියෝගය සාර්ථක කරගත්තා කියන්නට පුලුවන් ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින්.

ඉතින් ඇය මේ වනවිට දරුවන් දෙදෙනෙකුගේ මවක්. ඉතින් කාලයක් දේශපාලනයටත් පිවිසිලා හිටපු ඕෂධී කාලයක් කලා නිර්මාණ වල දකින්න ලැබුණේ නෑ. නමුත් දැන්නම් ටිකෙන් ටික නැවතත් ටෙලිනාට්‍යය වල ඇයව දැක ගන්න ලැබුණා. ඉතින් ඇය ජනප්‍රියත්වයේ ඉහලින්ම තිබූ කාලයේදී තමයි විවාහ වෙන්න තීරණය කලේ. ඒ කැමරාශිල්පියෙක් ප්‍රදීප් බුලත්සිංහල සමගයි. ඒ ගැන ඇය රූපවාහිනී වැඩ සටහනකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

AV Rase

” මම ජනප්‍රියම සම්මානය ගත්ත ගමන්ම වගේ බැන්දේ. ඒ කියන්නේ මට අවුරුදු 22යි බදිනකොට. ඒ 2007 දී. ඒ කාලේ තමයි බිමල් ජයකොඩි, හිමාලි සිරිවර්ධන, ඉන්දිකා උපමාලි එහෙමත් බැන්දේ. අපේ අම්මලා හරියට ජොතිෂය විශ්වාස කරනවා. ඉතින් ඒකට කියලා තියෙනවා ඒ අවුරුද්දෙ මාව බැන්දෙ නැත්නම් ආයේ අවුරුදු ගානක් යනකම් මට බදින්න හම්බවෙන්නෙ නෑ කියලා. ඉතින් ඉක්මනට කසාද බැන්ද එක ගැන දැන් සතුටු වෙනවා.

මට ක්ශේෂ්ත්‍රයේ එක්කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා හිතක වත් තිබුණේ නෑ. මම යාලුවෙලා හිටියෙත් නෑ ක්ශේෂ්ත්‍රයේ කෙනෙක් එක්ක. මගෙයි ප්‍රදීප්ගෙයි සම්බන්ධයට ගොඩක් උදව් කලේ හිරන්‍යා කියලා යාලුවෙක්. එයා තමයි මේකට මුල් අඩිතාලම දැම්මේ. මම විවාහ වුණා කියලා රංගන ක්ශේෂ්ත්‍රයෙන් අයින් වුනේ නෑ. මගේ හැමදේකටම ප්‍රදීප් පිටිපස්සෙන් හිටියේ මගේ හෙවනැල්ල වගේ.”

මේ විදියටයි ඇය අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේත් සිය පවුලේත් සිතුම් පැතුම් ඉටු වෙන්න කියලා අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

The post අපේ අම්මලා ජ්‍යෙතිශ්‍ය විශ්වාස කරන නිසා මාව ඉක්මනට බන්දලා දුන්නේ වයස 22දී – ඕෂධී හේවාමද්දුම appeared first on FoxMedia.

Back to top button