දේශීය පුවත්

බස් රථවල ආසන ගණනට පමණක් මගීන් රැගෙන යාමට නියෝග

පවතින කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ බස් රථවල මගීන් රැගෙන යා හැක්කේ ආසන ගණනට පමණක් බවට පොලිසිය නැවත දැනුම් දෙනවා.එම සීමාව ඉක්මවා මගීන් ප්‍රවාහනය කළ හොත් ඔවුන්ට එරෙහිව නිරෝධායන නීති යටතේ කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.මේ සම්බන්ධයෙන් විශේෂයෙන් රියැදුරන්, කොන්දොස්තරවරුන් මෙන්ම බස් රථ හිමිකරුවද අවධානය යොමු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.

Back to top button