අද සිට ඔන්ලයින් අරක්කු නිවසටම ගෙන්වා ගත හැක – Fake News

ඔන්ලයින් ක‍්‍රමයට මත් පැන් අලෙවියට අවසර නැත. සුරබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු දෙපාර්තමේන්තුව විසින් ඔන්ලයින් ක‍්‍රමයට මත්පැන් අලෙවිය සදහා අවසර ලබා දී ඇති බවට පළවන ප‍්‍රවෘත්තිය නිවැරදි නොවන බව සුරාබදු දෙපාර්තමේන්තුව දන්වා සිටියි. අප විසින්ද එම වැරදි ප‍්‍රවෘත්තිය ප‍්‍රචාරය කර තිබුණු අතර – වැරදි තොරතුරක් ලබා දීම සම්බන්ධයෙන් අපි අපගේ කණගාටුව ප‍්‍රකාශ කර සිටිමු. අප වෙබ් අඩවියේ පළ කර තිබුණු ඊට අදාල ප‍්‍රවෘත්තිය ඉවත් කළ බව ද දැනුම් දෙමු.

Fake News: ජනතාවට අද සිට මත්පැන් අන්තර්ජාලය හරහා ලබා ගත හැකි බව සුබා සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. අවසර ලත් සුපිරි වෙළඳ සැල් මගින් එසේ මත්පැන් නිවසට ගෙන්වා ගත හැකි බවද දෙපාර්තමේන්තුව කියා සිටී. මේ දින වල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් සැල් වසා දමා ඇත.

Exit mobile version