Lakderana News is the Sri Lankan leading hot news, gossip c lanka, gossip lanka news & highly competitive web site.
Only the area lockdown will not cover the whole country again - Army Commander
ළු රටටම සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් දැනට නොමැති බවත්, අවශ්‍යතාවක් මතු වුවහොත් එම තීරණය වෙනස් විය හැකි බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
ඉදිරියේදී කිසිදු අවස්ථාවක මුළු දිවයිනටම පූර්ණ සංචරණ සීමා පැනවීමක් සිදු නොකරන බවට ඇතැම් සමාජ මාධ්‍යවල පළකර ඇති වාර්තාවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව පැවසූ යුද හමුදාපතිවරයා කොරෝනා ආසාදිතයන් සහ මරණ වාර්තාවීම සැලකිල්ලට ගෙන ඕනෑම අවස්ථාවක රටපුරා සංචරණ සීමා පැනවිය හැකි බවත් සඳහන් කළේය.
පළාත් අතර සංචරණ සීමා පෙර පරිදි ඉදිරියටද ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.ජනතාව ඒකරාශීවන උත්සව වැනි කිසිදු කටයුත්තක් සඳහා තවදුරටත් අවසර හිමි නොවන බවත් රජයේ හා පෞද්ගලික ආයතනද සීමිත සේවකයන් පිරිසක් කැඳවා ඒවායේ කටයුතු කළ යුතු බවත් ගවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. සංචරණ සීමා පැනවීමක් සිදු කරනුයේ ඒ ඒ ප්‍රදේශවල කොරෝනා පැතිරීම විද්‍යාත්මකව විශ්ලේෂණය කිරීමෙන්, සෞඛ්‍ය අංශවල නිර්දේශය අනුව යැයිද ඔහු ප්‍රකාශ කළේය.
-සුජිත් හේවාජුලිගේ-
වේදිකාව, සිනමාව හා පුංචි තිරය ආක්‍රමණය කරමින් ප්‍රේක්ෂකයා සිනා සාගරයේ ගිල්වන දක්ෂ රංගන ශිල්පියෙක් තමයි…
අසූව අනූව දශකය සිටම අපේ රටේ කාගේත් ආදරය වගේම ආකර්ෂණය දිනා ගත්ත දක්ෂ ජනප්‍රිය මෙන්ම…
අපේ කළා ක්ෂේත්රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් දන්න කියන දක්ෂ ජනප්‍රිය රංගන…
අපේ කළා ක්ෂේත්රය තුල ඉන්න අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ…
ශ්‍රී ලාංකීය නිරූපන ක්ශේෂ්ත්‍රයේ ඉන්න හරි සුරූපිනියක් තමයි පියුමි හංසමාලී කියන්නේ. ඉතින් ඇය ගැනනම් අමුතුවෙන්…
අවුරුදු කුමාරි තරගාවලියකින් ජයග්‍රහණය කරලා කලා ක්ෂේත්රයට එකතු වුණු සුරූපී කලා ශිල්පිනියක් තමයි සදනි ප්‍රනාන්දු…