ගොසිප් පුවත්

ඉන්ධන තොරතුරු දැනගැනීමට අන්තර්ජාල වෙබ් අඩවියක් ළඟදීම

දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් තොග තිබේද යන්න සහ බෙදාහැරීමේ කාලසටහන් පිළිබඳ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා අන්තර්ජාල වෙබ් අඩවියක් හඳුන්වාදීමට බලශක්ති අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) මඟින් මෙය කරන බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ.

ඉදිරි දින 10 තුළ මෙම අන්තර්ජාල වේදිකාව මහජනතාවට දියත් කිරීමට බලශක්ති අමාත්‍යාංශය අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළා.

මේ සම්බධයෙන් වන සාකච්ඡාවක් ඊයේ පැවති බවයි Twitter පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එය දියත් කළ පසු දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල ඛනිජ තෙල් තොග සහ බෙදාහැරීමේ කාලසටහන් පිළිබඳව ලියාපදිංචි පාරිභෝගිකයන් දැනුවත් කරන බව ද ඔහු වැඩිදුරටත් පැවසුවා.

ඉන්ධන හිඟය හේතුවෙන් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දක්නට ලැබෙන බැවින් එවැනි පහසුකමක් දියත් කිරීමට අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා.
(colombotimes.lk)

Viber

The post ඉන්ධන තොරතුරු දැනගැනීමට අන්තර්ජාල වෙබ් අඩවියක් ළඟදීම appeared first on Colombo Times.

Back to top button