ක්‍රීඩා පුවත්

නුවන් සොයිසා ට වසර 6ක ක්‍රිකට් තහනමක්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ශ්‍රී ලංකා හිටපු වේගපන්දු යවන ක්‍රීඩක නුවන් සොයිසාට වසර 6ක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

2017 වසරේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T 10 තරඟාවලියකදී “ටීම් ශ්‍රී ලංකා” කණ්ඩායමේ පන්දුකරණ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී අයි සී සී දූෂණ විරෝධී රීති උල්ලංඝනය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ලවුණි.

ඔහු ඉන් චෝදනා 3කට වැරදිකරු බව 2019 නොවැම්බර් මාසයේදී අයි සී සී ය නිවේදනය කළේය.

Leave a Reply

Your email address will not be published.

Back to top button